Breaking News

මෙතෙක් කල් ඇත්ත කියලා හිතාගෙන හිටපු පට්ටපල් බොරු 14ක්

ජීවිතයේදී අපට ඇසෙන්න ලැබෙන සේවල් බොහෝ විට ඒ කියන අයුරින්ම විශ්වාස කළත් මේ සම්මත සංකල්පයන් තුළත් බොහෝ විට සාවද්‍යතාවයන් තිබෙනවා.එහෙමනම්..සමාජයේ මුල් බැස ගත් විශ්වාසයන් කීපයක් වටා ඇති අසත්‍යතාවය

1.අභ්‍යවකාශයෙන් පිටත ගුරුත්වය ඇත.

ISS හෙවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ (International Space Station)මධ්‍යස්ථානයේ ගුරුත්වාකර්ෂනය පෘථිවියට වඩා දුර්වලයි.ඒ නිසා අභ්‍යවකාශගාමින් මෙම මධ්‍යස්ථානයේ සිට පහළට පැමිනෙන්නේ බර පිළිබඳ සංවේදනය සම්පූර්ණයෙන් හෝ ආසන්න වශයෙන් හෝ නොදැනෙන නිසයි.එහෙම නැතුව මේ කලාපයේ ගුරුත්වය ශුන්‍ය නිසා නොවේ. ශුන්‍ය ගුරුත්වයේදී අභ්‍යවකාශගාමින් පාවෙනවා කිව්වට ඇත්තටම මෙතැන පාවීමක් සිදු වෙන්නේ නැහැ.

2.නැපෝලියන් කොටයි කියල කවුද කියන්නේ..

නැපෝලියන් අධිරාජ්‍යයා ජීවත් වූ යුගයේ ප්‍රංශ පුද්ගලයෙකුගේ සාමාන්‍ය උස අඩි පහකුත් අඟල් තුනක සිට අඩි පහකුත් අඟල් හතරක් දක්වා වූ උස පරාසයකින් යුක්ත වුණා. එහෙමනම් නැපෝලියන් අධිරාජ්‍යයාත් මේ උස පරාසයේ අනිවාර්යෙන්ම සිටින්න ඇති.

· එහෙමනම් නැපෝලියන් ඇයි මිටි විදිහට සලකන්නේ..?

නැපෝලියන් උස තොප්පි පැළදීමට වඩා කුඩා තොප්පි පළඳින්න ප්‍රිය කළා. ඒ නිසා ඔහුගේ පෞරෂයට යම් බලපෑමක් වෙන්නත් ඇති. මිටි යන සංකල්පය ගොඩ නැගුනේ මේ නිසාමත් විය හැකියි.මනෝවිද්‍යාඥයකුගේ වැරදි උපකල්පනය සමග පරිවර්තකයාගේ වැරදි යෙදුමක් නිසා ”නැපෝලියන් සංකීර්ණය ” (Napoleon complex) යන යෙදුම ගොඩ නැගුනත් එය නැපෝලියන්ගේ චරිතයට කිසිම සම්බන්ධතාවයක් නැහැ.

3.වීදුරුවේ කෝක් කෑන් කරන ලද කෝක්වලට වඩා වෙනස්..

රසයක් දැනෙන්න නම් ස්පර්ශය වගේම සුවදත් යම් බලපෑමක් ඇති කරනවා. ආහාර පිලිබඳ රසායනඥ ”සාරා රිච්” සදහන් කරන අන්දමට එකම පානයට විවිධ භාජනවලදී රසයේ වෙනස්කම් ඇති කරන්න පුලුවනි.ඇලුමිනියම් භාජන නිපදවා ඇති බහුඅවයවීයන්(polymers) මගින් රසය හා සුවඳෙන් කොටසක් අවශෝෂනය කර ගන්නවා.වීදුරුව රසායනිකව නිෂ්ක්‍රීයයි. වීදුරුවට රසයක් හෝ සුවඳක් නැති නිසා කොටින්ම කිව්වොත් අපට ඔරිජනල් රසයම ලැබේවි.

‍4.වෙළඳපොලේ තුවා ගබඩා කර ඇති අන්දම

වෙළඳපොලක තුවා ගොඩ කර ඇති අන්දම හරිම අපුරුයි.මේ ඇසුරුම දිහා බැලුවාම එය ඔබටත් පැහැදිලි වේවි. මේ ඇසුරුම මගින් සොරකම් වලක්වා ගන්න පුලුවනි. ඔබ මිලදී ගැනීමට කැමති භාණ්ඩය සාප්පු සේවකයා ලවා තමා වෙතට ගත හැකියි.

5.පෘථිවිය පැතැලි නැත

පෘථිවිය පැතැලි නැහැ. එහි ඇත්තේ ඊට ආවේණික භූ විද්‍යාත්මක හැඩයක්. තවමත් අපේ පිලිගැනීම පෘථිවිය ගෝලාකාර බවයි. ඒ නිසාම තවමත් පෘථිවිය පැතැලි නැතැයි කියන පුද්ගලයන්ගේ උපකල්පනය වෙනුවෙන් මේ අදහස තවමත් ඉදිරියට ගෙන යනවා.

6.Hello Kitty කියන්නේ බළලෙක් නොවෙයි.

”හෙලෝ කිටී “1990 දශකයේදී දරුණු උණක් විදිහට සමාජගත වුණා. ළමා,තරුණ ,වැඩිහිටි හැම දෙනාම ”හෙලෝ කීටි”ගේ රූපය ඇති බඩු භාණ්ඩ ගොඩ ගසා ගත්තා.මානව විද්‍යාඥ ”ක්‍රිස්ටින් ආර් යානෝ “ගේ අධ්‍යනයක් වෙනුවෙන් පවා හෙලෝ කිටී නිමිත්තක් බවට පත් වුණා. ඇයගේ අධ්‍යනය අවසානයේදී සනාථ වුනේ ”හෙලෝ කිටී” කියන්නේ බළලෙක් නොවෙයි. මේ චරිතය ආත්මගත කර ගත් ගැහැණු දරුවෙකුගේ සංකල්පයක්. හතර අතකවත් හෙලෝ කිටී දක්නට ලැබුනේ නැහැ. නමුත් හෙලෝ කිටි තමන්ට ආරූඪ කර ගත් දැරියටත් බළලෙක් නම් සිටියා.

7.නොවටිනා ගල් දියමන්ති විදිහට

දියමන්ති වෙළඳ ඒකාධිකාරිය පැවැතුනේ ”De Beers” සමාගමටයි. මේ සමාගම 1888 ආරම්භ කරන ලද අතර සමාගම විසින් මුලින්ම දකුණු අප්‍රිකාවේ දියමන්ති මිළට ගත්තා.එයින් පසුව De Beers සමාගම විසින් වෙනත් ස්ථානවලින්ද දියමන්ති මිළට ගැනීම සිදු කරනු ලැබුවා. මේ සමග ඔවුන් නොවටිනා ගල් කැණීම් වෙනුවෙන් යොමු වුනේ කිසිදු ආචාරධර්මයක් නොමැතිවයි.තමන්ගේ සමාගමේ ඉහළ මිළ වෙනුවෙන් සූදානම් පාරිභෝගිකයින් පිරිසක් සිටින නිසා ඔවුන් නොවටිනා ගල් වර්ග අලෙවි කිරීම නිසා අවසානයේදී මේ සමාගම අපකීර්තියට පත් වුණා.

8.අර්තාපල් පෙතිවල සියට සියයක්ම අර්තාපල් නැහැ

අර්තාපල් චිප්ස් ලොකු පොඩි කා අතරත් ඉතා ජනප්‍රිය කටගැස්මක්.නමුත් පොටේටෝ කිව්වට මේ ආහාරයන්හි අර්තාපල් අඩංගු වෙන්නේ 40% ක ප්‍රතිශතයක්. ඉතිරිය පිෂ්ට,කැඳ වර්ග හා ජලයයි.මේ සියල්ල එකතු කර ගෙන සාදා ගත් මිශ්‍රණය අච්චුවක ආධාරයෙන් තද කර ගෙන සකස් කර ගන්නවා. හැබැයි සම්ප්‍රදායික අර්තාපල් පෙති ඉතා තුනී වගේම තෙලෙන් බැදගෙන තිබෙනවා. ඔබට මේ අර්තාපල් පෙතිවල වර්නය සහ හැඩය අනුව හොඳින් හඳුනා ගන්න පුලුවනි. අච්චුවෙන් වගේ තීරු සමාන නැහැ. තෙලෙන් බදින නිසා වර්ණයේ වෙනස්කම් තෙලේ උෂ්ණත්වය වෙනස් වෙනවා.

9.paving blocks ලාබදායකයි.

මේ ඡායාරූපයේ දැක්වෙන අන්දමට paving blocks ඇතිරීම ගල් කුට්ටි තබනවාට, වඩා ලාබ දායකයි.නමුත් සැම තැනම මේ අන්දමින් paving blocks ඇතිරීම සිදු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම paving blocks ඇතිරීම ගල් කුට්ටි තබනවාට වඩා ලාබදායකයි. ඒ වගේම වේගවත්.

10.සලබයින් රෙදි කන්නේ නැහැ

සලබයෝ ගැන ඇති චෝදනාව නම් මේ කෘමින් රෙදිවල තැනින් තැන කා දමන බවයි. ඔබ එහෙම හිතුවත් දැනුම් තේරුම් ඇති වැඩුන සලබයෝ රෙදි කන්නේ නැහැ. ඒ වුනත් සලබ පැටවුන් රෙදි ආහාරයට ගන්නවා.

11.බකමූණන්ට දිගු පාද නැහැ

බකමූනා කිව්වාම අපි කාටත් අමුත්තෙක් නොවෙයි.මේ සතුන්ගේ හිස අංශක 270 ක කෝණයකින් හරවන්න පහැකියාව තිබුනත් ඔවුන්ට දිගු පාද ඇති බැව් හදුනා ගෙන ඇත්තේ ඉතාම අහඹු විදිහටයි.

12.ගෝල්ඩ් ෆිෂ් (goldfish )මාළුවාගේ මතක තත්පර තුනයි


ගෝල්ඩ් ෆිෂ් (goldfish )මාළුවාගේ මතකය තත්පර තුනක් කියනවා නම් එය බොරුවක් බැව් දැන් සනාථ වී තිබෙනවා.මේ මිථ්‍යාව බිඳ දැමීමට ඔස්ට්‍රේලියාවේ පහළොස් හැවිරිදි පිරිමි දරුවෙක් විසින් සමත් වුණා. ඔහු පෙන්වා දෙන්නේ මෙම ගෝල්ඩ් ෆිෂ් මාලුන්ට අවම වශයෙන් තමන්ගේ මතකය දින හයක් පමණ රඳවා ගත හැකි අතර සරල ගැටළු පවා විසඳා ගැනීමේ හැකියාව ඇති බවයි.තමන්ට ආහාර සපයා ගැනීමේදී පවා තැනට ගැලපෙන අන්දමන් හැසිරෙන හැකියාව ගෝල්ඩ් ෆිෂ් මාළුන්ට ඇති බැව් දැන් සනාථ වී තිබෙනවා.

13.Chupa Chups ඇමරිකා එක්සත් ජනපදයේ නොවෙයි

ලෝකයේ ඉතා ජනප්‍රිය ලොලිපොප් විශේෂයක් වන Chupa Chups අයිතිය ඇමරිකා එක්සත් ජනපදයට බාර දෙන්න බැහැ. මෙහි උපත ස්පාඤ්ඤයට අයිතියි. මෙය උච්චාරනය වන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් “oo” යන ශබ්දයෙන් මෙහි අර්ථය ආහාර යන්නයි. මේ නාම ලබා දුන්නේ බාසිලෝනා හි ”එරික් බර්නට්” විසින්. Chupa Chups ලාංඡනය ”සැල්වදෝර් ඩාලි” විසින් නිර්මානය කරනු ලැබුවා.

14.මහපටැඟිල්ල නාසය වගේ සෘජුව තැබීම

ඔබ මහපටැඟිල්ල නාසය වගේ සෘජුව තැබීමට අනවශ්‍ය විදිහට වෙහෙසෙන්න එපා. එය කළ නොහැකි දෙයක්.

About isu

Check Also

සුනඛයින් මිනිසුන් හා මෙතරම් මිතුරු ඇයි ? ඔවුන්ගේ ජාන තුලම එය ඇතුලත්ද?

ඇමෙරිකාවේ විද්වතෙකු විසින් සුනඛයන් මිනිසුන් හා මෙතරම් සමීපව ඇසුරු කිරීමට හේතුව පිළිබඳව විමර්ශනයක් කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *