Breaking News

ඔබ නිදා සිටින විටදී ඔබටත් නොදැනීම සිද්දවෙන අද්භූත දේවල්

නින්ද බොහොම සාමකාමියි. දවස පුරා වෙහෙසෙන අප නින්දක් ලබා ගන්නේ තාවකාලික විවේකයක් විදිහටයි.නෙත් පුරා දකින එක හීනයකින් රැය පහන් කිරීමට හැකියාවක් ලැබෙනවා නම් මොනතරම් අගෙයිද..? කියා ඔබටත් සිතෙනු ඇති. එහෙත්…අමුතු හා අප්‍රසන්න සංවේදනයන් හමු නොවූ අයෙකු නම් නොමැති තරම්ය. මෙන්න නින්දෙන් ඔබ ලබන අත්දැකීම්..

  1. නින්දෙන් අංශභාග තත්වයට පත් වීම

·මෙය අපට දැනෙන්නේ කොහොමද…?

අප රාත්‍රි නින්දෙන් අවදි වුනාම සෙලවීමට අපහසුවක් වැනි දැනීමක් ඇති වෙනවා.ඒ විතරක් නොවෙයි, නිදන කාමරයේ භයානක අද්භුත දෙයක් ඇති බවට හැඟිමක් ඇති වෙනවා.නමුත් අප සිතන අන්දමේ කිසිම දෙයක් සැබැවින්ම සිදු වේනනේ නැහැ. නින්දෙන් අංශභාග තත්වයට පත් වීම පුරානයේ පටන් පැවැතුන සංකල්පයක්. එදා බොහෝ දෙනෙකු හිතුවේ නපුරු ආත්මයන් මේ විදිහට නිදන කාමරයට පැමිණ හිරිහැර කරන බවයි.

·මෙය සිදු වෙන්නේ කොහොමද…?

අපි නින්දට ගියාම කොටින්ම අංශභාග තත්වයට පත් වෙනවා. අපට ඇවිදින්න හැකියාවක් නැහැ.මේ අනුව අපේ මොළය අවදි වෙන අතර මාංශ පේශි වල ක්‍රියාකාරිත්වය නින්දේදී නැවතෙනවා.

මේ තත්වයට ජනගහනයෙන් 7% ක් පමණ දෙනා ගොදුරු වෙනවා.මේ තත්වය ඇති වෙන්නේ නිදි යහනේ උඩුකුරුව නිදන අවස්ථාවන්හිදී බැව් මේ පිළිබඳව අත්දැකීම් ලබා ගත් අය විසින් සඳහන් කරනවා.

2. මෝහන මායාවන්

·දැනෙන්නේ කොහොමද…?

අපට නිදිමත හොඳටම දැනුනත් තවමත් සුව නින්දක් නැහැ. මේ අවස්ථාවේදී ඇස ඉදිරියේ අමුතු ආකාරයේ සිතුවම් දකිනවා. මේවා එතරම් සුන්දර සිතුවම් නම් නොවෙයි.බොහෝ විට නින්ද ඔන්න මෙන්න තිබියදී ඔබ දකින්නේ බිය ජනක මුහුණු සහ අමුතු ආකාරයේ ජීවින් වීමත් විශේෂයක්.

·මෙහෙම වෙන්නේ ඇයි…?

මානසිකව යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වෙන පුද්ගලයන්ටත් මේ අන්දමේ මායාවන් දකින්න පුලුවනි..දරුවන්ට මේ තත්වය ඉතා සුලබයි.ඊට හේතුව පොඩි ඇයෝ නින්දට කැමැති නැහැ.ඒ වගේම පරිකල්පන ශක්තිය ඇති අයට වගේම ආතතිමය තත්වයේදීත් මේ අන්දමේ මායාවන් දකින්න පුලුවනි. බීමත්ව නින්දට ගියොත් නම් මේ වගේ අප්‍රසන්න සිතුවම් ඔබ ඉදිරියේ අඩුවක් නැතුවම දිස් වේවි.

විය හැකිය. එවැනි මායාවන් මානසික ආතතිය හෝ හොඳ පරිකල්පනය නිසා විය හැකිය. ඔබ බීමතින් නින්දට ගියහොත් ඒවා ද දිස්විය හැකිය.

3. නින්දෙන් කථාකිරීම

·නින්දෙන් කථා කරන්නේ ඇයි…?

somniloquy හෙවත් නින්දෙන් කතා කරන පුද්ගලයාට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ.නින්දෙන් කථා කිරීම මනෝවිද්‍යාත්මකව වුනත් එතරම් භයානක තත්වයක් නම් නොවෙයි.

මෙය සිදු වෙන්නේ කොහොමද…?

නින්දෙන් කථා කිරීම මානසික ආතතිය නිසා ඇති වෙන තත්වයක්. ළමයින් සහ පුරුෂ පක්ෂය අතර වැඩියෙන් දක්නට ලැබෙනවා.සමහර විට සැබෑ ජීවිතයේදී සංවාදවල ඇති පරස්පරතාවයන් නින්දෙන් මුදා හරිනවා වෙන්නත් පුලුවනි.

මේ වගේ අවදානමක් තිබෙනවා…ඔවුන් නින්දෙන් කථා කරන නිසා හදිසියේ රහස් වැනි දේ නම් රැකගැනීම ගැටළුවක්. නින්දෙන්ම රහස් හෙලි කරන්න පුලුවනි.

4. සිහින තුළ සිහින

·සිදු වෙන්නේ කොහොමද…?

අපි නින්දේදී සිහින දකිනවා.එවිට අවදි වෙනවා.නමුත් අමුතු දේවල් දිගටම සිදු වෙනවා.එවිට අපට දැනෙන්නේ අවදි වුන බවත් සිහිනෙන් දුටුවා වැනි හැඟීමක්. මේ සංසිද්ධීය චිත්‍රපටයක ආකාරයෙන් ගවේශනයේදී පෙනී ගියේ බොහෝ දෙනෙක් මේ තත්වය අත්විඳ තිබෙන බවයි.

·එහෙම වෙන්නේ ඇයි…?

එසෝටරික්ස්වාදින් (Esotericists )ගේ විශ්වාසයට අනුව මේ වගේ තත්වයක් ඇති වෙන්නේ ආධ්‍යාත්මික තත්වයක් නිසා බැවින් විද්‍යාවෙන් එය පැහැදිලි කිරීම අපහසුයි.

5. නින්දෙන් ඇවිදීම(Somnambulism)

නින්දෙන් ඇවිදිම දැනෙන්නේ කොහොමද…? නින්දෙන් ඇවිදීම නින්දෙන් අංශභාග තත්වයට පත් වීමට වඩා වෙනස් දෙයක්.මෙතැනිදී අප නිදාගත් නමුත් මාංශපේශි ක්‍රියාශීලියි.ඒ නිසා නින්දෙන් ඇවිදින්න පමණක් නොවෙයි,නිවස පිරිසිදු කිරීම සහ නිවසින් පිටතට පවා යෑමට පුලුවනි. රාත්‍රි නින්දෙන් ඇවිද යන පුද්ගලයන්ට පසුදිනට කිසිවක් මතක නැහැ.මේ තත්වය ඉතා භයානකයි.ඊට හේතුව නින්දෙන් ඇවිද යන පුද්ගලයන් ඉතා පහසුවෙන් අනතුරුවලට පත් වීමට ඉඩ තිබෙනවා.

·ඊට හේතුව

ජනගහනයෙන් 4.6% සිට 10.3% ක් පමණ දෙනා නින්දෙන් ඇවිදීම(Somnambulism)ට පත් වී සිටිනවා.දරුවන් අතරත් දක්නට ලැබෙන නින්දෙන් ඇවිදීමට හේතුව හෝ ප්‍රතිකාර තවමත් හඳුනා ගෙන නැහැ.

6. ඔලුව පුපුරනවා-සහලක්ෂනය

මේ බව දැනෙන්නේ කොහොමද…?

නිදා සිටින විට මහා පිපිරීමක් එහෙම නැත්නම් මහත් ශබ්දයකින් අත්පොළසන් නගන ශබ්දයක් ඇසෙනවා.සමහර විට මේ ඔබ්දය කණ බිහිරි කරන තරම් විය හැකියි.ඒ වගේම ශබ්දය වේගවත් විය හැකියි.සමහර විට හිතෙන්නේ ඔළුව පුපුරා යාවි වැනි හැගීමක්.කොටින්ම stroke.තත්වයක්ද?කියලත් හිතෙනවා.

·මෙය සිදු වෙන්නේ ඇයි…?

කිසියම් හේතුවක් නිසා මොලයේ ශබ්දයට ප්‍රතිචාර දක්වන කලාපයේ ස්නායු ක්‍රියාකාරිත්වය ඉහළ යෑමක් විදිමට සැලකෙනවා.සමහර විට මේ තත්වය ඇති වෙන්නේ නින්ද නොයෑම (insomnia )හෝ jet lag.තත්වය නිසා විය හැකියි.

7.  Sleep apnea

·දැනෙන්නේ කොහොමද…?

නින්දෙන් හුස්ම නැවතුනා වගේ දැනීමක් ඇති වීම Sleep apnea යනුවෙන් හැඳින්වෙනවා.එවිට පුද්ගලයා අවදි වෙනවා. මේ අවදි වීම නිසා සැපවත් නින්දක් ලැබෙන්නේ නැහැ.මොළයට ඔක්සිජන් පරිවහනයත් අඩු වෙන අතර මේ නිසා ධමනීන්හි ඇති වෙන පීඩනය සමහර විටෙක හෘදයාබාධයක් දක්වා පැමිණෙන්න පුලුවනි.

· මෙය සිදු වෙන්නේ කොහොමද…?

නින්ද සමග උගුර කෙළවර පිහිටි pharynx මාංශ පේශිය ඉහිල් වෙනවා. ඒ නිසා වාතය ගමන්කරන මාර්ග අවහිර වීමත් සමග දැනෙන වෙන හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා හදිසියේ අවදි වෙන්න පුලුවනි.ඒ වගේම තරපාරුව,දුම්පානය,වයස, නිසාත් Sleep apnea තත්වය ඇති වෙන්න පුලුවනි.කනස්සල්ල නිසාත් රාත්‍ර නන්දේදී මේ අන්දමේ අවහිරතාවයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා. didgeridoo ඔස්ට්‍රේලියානු සුලං උපකරණයක් වන වාදනය කිරීමෙන් Sleep apnea තත්වයට විසදුමක් ලැබෙන බවටත් ආරංචි තිබෙනවා.

8. එකම සිහිනය දැකීම

දැනෙන්නේ කොහොමද…? හැම පුද්ගලයෙකුම සිහින දකිනවා. එකම සිදුවීම විවිධ විදිහට සිහිනෙන් දකින්න පුලුවනි.

· මෙය සිදු වෙන්නේ කොහොමද…?

මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට අපට සැබෑ ජීවිතයේදී නොදකින දේ වෙනුවෙන් අවධානය යොමු කිරීම වෙනුවෙන් මොළය විසින් සිහින දකිනවා.සමහර විට අදාල සිහිනය සැබෑ වෙන තෙක්ම විවිධ විදිහට මේ සිදුවීම සිහිනෙන් දකිනු ඇති.

9. ඇඳට වැටීම

· අපට දැනෙන්නේ කොහොමද…?

අපි නිදා ගෙන සිටියදී සමහර විට ඉහළට ගොස් නැවත නිදා සිටි ඇද මතටම වැටෙනවා වැනි හැඟීමක් දැනේවි. සමහර විට උඩට නැගෙනවා වගේ දැනෙන්නත් පුලුවනි.එහෙමත් නැත්නම්පියාසර කරනවා වගේ හෝ පැකිලී ඇඳටම වැටෙනවා වැනි අපහසුතාවයක් දැනේවි.

·එහෙම වෙන්නේ ඇයි…?

නින්ද කියන්නේ තාවකාලික මරණයක්. නින්ද සමග හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම මන්දගාමී වෙනවා.මාංශ පේශින්හි ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. මොළයටත් වම් තැති ගැන්මක් ඇති වෙන නිසා මොළය විසින් මේ අන්දමේ ආවේග මාංශපේශි වෙතට සන්නිවේදනය කරනු ලබනවා.

10. සිරුරෙන් පිටත අත්දැකීම්

·මෙය දැනෙන්නේ කොහොමද…?

මේ සිදුවීම ස්නායු මනෝවිද්‍යාත්මක(neuropsychological) තත්වයක්.පුද්ගලයෙක් අඩ නින්දේ සහ අවදිව සිටින විට තමන්ගේම සිරුරෙන් පිටත තමන් දකිනවා.ගුප්තවිද්‍යාවට අනුව මේ අවස්ථාව ආත්මයේ පැවැත්ම තහවුරු කරනවා.

·මෙය සිදු වෙන්නේ කොහොමද…?

සිරුරෙන් පිටත අත්දැකීම් තවමත් තහවුරු නොවුන සංසිද්ධියක්. ශරීරයෙන් පිටතට යෑමේ මෙම සංසිද්ධිය ක්‍රියාකරන ආකාරය විද්‍යාවටත් ගැටලුවක්.ඒ වගේම මේ තත්වය සමග ගණුදෙණු කරන ආකාරයත් ගැටලුවක්.සමහර පුද්ගලයන් ඔවුන්ගේ සංජානන හැකියාවන්ගේ සීමාවන් පුළුල් කරමින් සිරුරෙන් පිටත අත්දැකීම් ලබා ගැනීමට උනන්දුවක් දක්වති.

11. නින්දේදී බුද්ධිය අවදි වීම

·මෙය දැනෙන්නේ කොහොමද…?

සමහර විට අපට දිගු කාලයක් පුරාවටම මොනතරම් උත්සාහ ගත්තත් විසඳා ගැනීමට නොහැකි ගැටළුවක්තෙැයි සිතමු. රෑ දවල් නැතුව මෙය විසඳා ගැනීමට කල්පනා කළත් තවමත් විසඳුමක් නැතුව ලතැවෙන ඔබට සිහිනෙන් ඒ වෙනුවෙන් විසදුමක් පෙනුනොත් එය සැබෑ ජීවිතයට ප්‍රායෝගිකව ආදේශ කර ගත හැකියි. නමුත් මෙවැනි සිහින බොහෝ විට මතක තබා ගැනීමේ අපහසුවක් තිබේ.
රුසියානු ජාතික රසායන විද්‍යාඥයෙකු වූ දිමිත්‍රි මෙන්ඩලීව් වරින් වර මූලද්‍රව්‍ය වගුවක් නිර්මාණය කිරීම ගැන නිතර වෙහෙසුනත් ඔහු දුටු සිහිනයකින් මුලද්‍රව්‍ය වගුව වෙනුවෙන් ඉගියක් ලැබුණි. ඔගස්ට් කෙකුලේ බෙන්සීන් සඳහා සූත්‍රයක් ගැන සිහින දකින විටත් සිහිනයකින් විසදුම ලැබී ඇත.

·මෙය සිදු වෙන්නේ කොහොමද…?

අපේ උපවිඥානය විසින් ගැටලුවට විසදුම දැන සිටියත් එය සවිඥානකව අපට මෙතෙක් දැනී නැත.නින්දේදී උපවිඥානය ක්‍රියාකාරී වන අතර තීක්ෂණ බුද්ධිය ලබා ගත හැකියි.නින්ද බොහොම විශිෂ්ටයි. සමහර අවස්ථාවන්හිදී එය ලැබෙන්නේ වරප්‍රසාද සමගයි.

About isu

Check Also

සුනඛයින් මිනිසුන් හා මෙතරම් මිතුරු ඇයි ? ඔවුන්ගේ ජාන තුලම එය ඇතුලත්ද?

ඇමෙරිකාවේ විද්වතෙකු විසින් සුනඛයන් මිනිසුන් හා මෙතරම් සමීපව ඇසුරු කිරීමට හේතුව පිළිබඳව විමර්ශනයක් කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *