Breaking News

ආදිකාලේ ඉදලම පැවතගෙන එන තවමත් අපේ සමාජය තුල පවතින මිත්‍යා විශ්වාස 11ක්

ජීවිතයේ ඇසෙන දකින බොහෝ දේ අප විශ්වාස කරන්නේ අපේම වැඩිහිටි පරම්පරාවන් විසින් ඒ ගැන අපේ සිතට ඇතුලත් කර තිබෙන සංකල්ප අනුවයි. නමුත් මේවා ඇත්තද නැත්තද ගැන අපේ හිත යොමු වුනේ නැහැ. අන්ධානුකරණයෙන් ඒවා පිළිගත්තත් මේ කියන සිදුවීම් තුළ ඇත්තක් නැති බැව් දැන් පිලිගෙන තිබෙනවා. මෙන්න ඒ වගේ ඇත්ත නැති සිදුවීම් එකොළහක්.

1.සබන් වලින් බැක්ටීරියා විනාශ වෙන්නේ නැහැ

අපි හිතන්නේ සබන් යොදා සේදුවාම සේරම හරි.ඔබ වැරදියි. සබන් වලින් බැක්ටීරියා විනාශ වෙන්නේ නැහැ.ඒවා ලිස්සී ගොස් බිමට පතිත වෙනවා. හැබැයි බිම වගා වෙන්න පුලුවනි

2. චුයින්ගම් ගිලුනොත් අවුරුදු හතක් නොදිරවා තියෙන්නේ නැහැ.

චුයින්ගම් බෝලයක් නොදැනී හෝ ගිලුනොත් ඔන්න තව අවුරුදු හතක් ගෙවුනත් ඕක නම් දිරවන්නේ නැහැ යන සංකල්පය අපේ විශ්වාසය වුනත් එය නිවරැදි නැහැ.මෙතැන එක වෙනසක් තිබෙනවා. චුයින්ගම් ආමශයික යුෂ සමග එක් වී ජීරණය නොවුනත් උදරීය මාංශ පේශි හැකිලීම් මගින් එය ස්වභාවිකව ශරීරයෙන් බැහැර කරයි.

3. හිස බූ ගෑවාට කෙස් ඝනකම් වෙන්නේ නැහැ.

හිසකෙස් තුනී වුනාම අපි කරන්නේ කෙස් බූ ගානවා. එතැනින් පසුව එන කොණ්ඩය ඝනකමින් ඒවි යන විශ්වාසය ඉතා තදින් අප අතරේ තිබෙනවා. දරුවන්ගේ උපන් කොන්ඩය පවා බූ ගාන්නේ මේ විශ්වාසයේ පිහිටා ගෙනයි.නමුත් මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ. කොණ්ඩයේ පිටත කොටස කපා දැමීමෙන් පසුව, ඉතිරිව ඇත්තේ මොට, කේතුකාකාර නොවන අවසානයක් පමණයි.

4.ගෙම්බන් අතගෑවොත් ඉන්නන් ඇති වෙනවා.

ගෙම්බන් ස්පර්ශ කිරීම නිසා ඉන්නන් ඇති වෙනවා කිව්වත් මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ. ඉන්නන්ගේ වර්ධනය ඇති වෙන්නේ papillomavirus වෛරසය නිසයි.ඉතින් මේ වෛරසය ගැන ගෙම්බන්ට චෝදනා කරන්න බැහැ.ප්‍රසිද්ධ ස්ථාන වලින් වගේම මිනිසුන්ගෙන් වුනත් මේ වෛරසය සම්ප්‍රේෂනය වීමේ අවදානම තිබෙන නිසා ඒ චෝදනාව ගෙම්බාටම එල්ල කරන්න බැහැ.

5. මියගිය පසුවත් කෙස් හා නිය වැඩෙනවා

අපේ මරණය සමග සම විජලනයට වගේම සංකෝචනය වෙනවා.ඉතින් වගාවකට කෝ ඉඩක්. ඒ නිසා මරණයෙන් පසුව කෙස්,නිය වැඩෙනවා කියනවා නම් එය මිථ්‍යාවක්.

6.චීනමහා ප්‍රාකාරය අභ්‍යවකාශයටත් පේනවා

චීන මහා ප්‍රාකාරය ලෝකයේ පුදුම හතෙන් එකක් .දකින්නන් විස්මයට පත් කරන මෙම ප්‍රාකාරයේ දිග සැතැපුම් 4300 ක්. කිලෝමීටර්වලින් නම් 7000 ක්. ඒ වගේම ප්‍රාකාරයේ වර්ණය පරිසරය සමග සම්බන්ධයි.ඒ නිසා අබ්‍යවකාශයට චීන මහා ප්‍රාකාරය දර්ශනය වෙන බැව් පිලිගැනීම අපහසුයි.අභ්‍යවකාහයේදී දකිනවා නම් ඒ මෙම ප්‍රාකාරයේ ආලෝක තත්වය සහ කාලගුණ තත්වය පමණයි. ඒ වගේම අභ්‍යවකාශයේදී චීන මහා ප්‍රාකාරය දර්ශනය වෙන්නේ අඩු කක්ෂයකින් පමණි. අනෙක් අතට, මහාමාර්ග පවා බොහෝ විට වෙන්කර හඳුනාගත හැකිය.

7.වවුලන් අන්ධයි

වවුලන් පරාවර්තනය වන ශබ්දයෙන් යම් යම් දේවල් සොයා ගන්නා ක්ෂිරපායී සත්ව කොට්ඨශයක්.ඒ නිසා ඔවුන්ට ඇස් පෙනීම ගැන එතරම් ගැටලුවක් නැහැ. වවුලන්ට සීමිත ආලෝක තත්වයක් යටතේ රාත්‍රි කාලයේ පෙනීම ලැබෙනවා.ඒ නිසා වවුලන් අන්ධයි කියන්න බැහැ.

8.ජලයෙන් විදුලිය නිපදවනවා

ජල විදුලිය මෙහෙයවන්නේ ධනාත්මක හා සෘණ ආරෝපිත අංශු සහිත ඛනිජ වන අතර ඒවා ජල අණු සතුව නැහැ. ඒ නිසා ආඝ්‍රත (distilled )ජලයේ අපද්‍රව්‍ය නොමැති නිසා විදුලිය නිපදවා ගැනීමට නොහැකියි.

9. ප්‍රතිජීවක (Antibiotics )වලින් වෛරස විනාශ වේ.

ප්‍රතිජීවක වලින් වෛරස විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ. ප්‍රතිජීවක(Antibiotics ) ගණුදෙනු කරන්නේ බැක්ටීරියා සමගයි.හැබැයි බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ ප්‍රජනනය නැවැත්වීමේ හැකියාව ප්‍රතිජීවක සතුව තිබෙනවා.

10.රූපවාහිනිය අසල සිට නැරඹීම නිසා ඇස් පෙනීම දුර්වල වේ

අපි දන්නා දවසේ පටන්ම වැඩිහිටියන් අවවාද කරන්නේ රූපවාහිනිය අසල හිදගෙන රූපවාහිනිය නැරඹීම එපා..ඇස් පෙනීම දුර්වල වෙනවා කිව්වත් සිදු වේනනේ ඔවුන් කියන දෙයට වෙනස් දෙයක්.රූපවාහිනිය අසල සිට නැරඹීම නිසා ඇස් පෙනීම කෙසේ වෙතත් ඇසට වෙහෙසකරයි. ඒ නිසා ඈත්ව සිට නැරඹීම වඩාත් ගුණයි.

11. කෝක් නිසා දත් දියවේ.

කෝක් වීදුරුවක තැන්පත් කර ඇති දතක් එක රැයකින් දියවී යන බව කිව්වත් එය මිථ්‍යාවක්. වසර ගණනාවක් තිස්සේ මේ අදහස පැවැතුනා. මේ බීම වර්ගයේ පොස්පරික්(phosphoric ), සිට්‍රික්(citric) සහ කාබනික් (carbonic )යන අම්ල තුනක් තිබීමයි. කෙසේ වෙතත්, මේවා වෙනත් බොහෝ බීම වර්ග වලිනුත් සොයා ගන්න පුලුවනි.

About isu

Check Also

සුනඛයින් මිනිසුන් හා මෙතරම් මිතුරු ඇයි ? ඔවුන්ගේ ජාන තුලම එය ඇතුලත්ද?

ඇමෙරිකාවේ විද්වතෙකු විසින් සුනඛයන් මිනිසුන් හා මෙතරම් සමීපව ඇසුරු කිරීමට හේතුව පිළිබඳව විමර්ශනයක් කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *