Breaking News

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් නිර්මාණය කරන අතර ඒවා අපිට සිතා ගැනීමටවත් නොහැකි තරමට අධික මිලකින් යුක්ත වෙනවා. සාමාන්‍ය ජීවිත ගතකරන අපිට නම් ඒ වගේ දේවල් ගන්න තියා හිතන්නවත් බැරි වුනත් අඩුම තරමේ දකින්නවත් ඕනේ නිසා තමයි අපි අද ඒ ගැන විස්තර අරගෙන ආවේ.

1. දියමන්ති සූප්පුව

ලෝකයේ වඩාත් මිල අධික පැසිෆියරය වන මෙය සාදා තිබෙන්නේ සිලිcඔනෙ වලිනුයි. සුදු රත්තරන් ආලේපිත එහි හසුරුවෙහි දියමන්ති 280 ක් පමන ඔබ්බවා තිබේ. එහි සම්පූර්ණ පිරිවැය ඩොලර් 17,000 කි.

2. දියමන්ති ඔබ්බවා ඇති රත්තරන් අයිෆෝන්

මේක සාමාන්‍ය අයිෆෝන් 6 එකක් වගේ නෙමෙයි. මෙය රන් හෝ ප්ලැටිනම් ආලේප කර දියමන්ති ඔබ්බවා ඇති ප්‍රභූ ස්මාර්ට් ජංගම දුරකථනයකි. එහි ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් මිලියන 48 කි.

3. රන් හා වටිනා ගල් වලින් සරසා ඇති ඇඳක්

ස්ටුවර්ට් හියුස්ගේ මෙම සුඛෝපභෝගී ඇඳ සඳහා ඩොලර් මිලියන 6.3 ක් වැය වී තිබෙනවා. හොදම වර්ගයේ ash, chestnut, සහ cherry දැව වලින් මෙහි රාමුව නිර්මාණය කර තිබෙන අතර රත්රන් රාත්තල් 235 ක්, දියමන්ති සහ නිල් මැණික් භාවිතා කරමින් මෙය සරසා තිබෙනවා. ඔන්න රාජකීය නින්දක් නිදා ගන්නවා කියන්නේ මේ වගේ ඇදක නිදාගන්නවට තමයි.

4. Swarovski crystals වලින් ආවරණය කර තිබෙන වැකුම් ක්ලීනර්

මේ වැකුම් ක්ලීනරය කොතරම් මිල අධිකද සහ දීප්තිමත්ද කියනවා නම් එය ගිනස් ලෝක වාර්තා පොතට පවා ඇතුලත් කර තිබෙනවා. මෙය Swarovski crystals 3,730 කින් සරසා ඇති අතර එහි මිල ඩොලර් 20,000 කි. සාමාන්‍ය කෙනෙකුට මේ වගේ එකකින් ගේ පිරිසිදු කරන එක හිතන්නවත් අපහසුයි.

5. රත්තරන් බයිසිකලය

කැරට් 20 රත්තරන් ආලේපිත මේ බයිසිකලයේ මිල ඩොලර් 400,000 කි. මෙහි සෑදලය මෘදු වටිනා සම් වලින් නිමවා තිබෙන අතර බයිසිකලයම දියමන්ති වලින් ආවරණය කර ඇත.

6. කිඹුල් සමෙන් නිමවා ඇති කුඩයක්

ලෝකයේ වඩාත්ම මිල අධික කුඩය කිඹුල් සම් වලින් සාදා ඇති අතර එහි මිල ඩොලර් 5,000 කි. මෙම සුඛෝපභෝගී භාණ්ඩය නිෂ්පාදනය කරනු ලබන්නේ විලාසිතා සන්නාමයක් වන Billionaire Couture විසිනි. එය ඉතාලි කෝටිපති ෆ්ලාවියෝ බ්‍රියාටෝර් සහ නිර්මාණකරු ඇන්ජලෝ ගැලසෝ විසින් ආරම්භ කරන ලදී.

7. විදුලි රෝද සහිත සූට්කේසයක්

මෙම හුරුබුහුටි සූට්කේස් එකේ මිල ඩොලර් 20,000 කි. horsehair, එබොනි, මැග්නීසියම්, ඇලුමිනියම්, ටයිටේනියම්, කාබන් ෆයිබර්, sailcloth සහ විවිධ වර්ගයේ සම් යොදාගෙන මෙය නිර්මාණය කර තිබෙන අතර එහි රෝද වල විදුලි එන්ජින් තිබේ. එය සක්‍රිය කිරීම සදහා සූට්කේස් එක ඇලකර හසුරුව ඉහලට ඇදිය යුතු අතර එවිට ඔබේ ගමන් මලු හසුරුව පෙන්වන ඕනෑම තැනකට යයි.

8. රත්තරන් සපත්තු පටි

මෙම රන් සපත්තු ලේස් යුගල සදහා ඩොලර් 19,000 ක් වැය වෙන අතර එය විශේෂ බෙදාහරින්නෙකු විසින් පාරිභෝගිකයාගේ නිවස ඉදිරිපසටම පැමින ලබා දෙනු ලබයි.

9. නිල් ඩම්ප්ලිං

නිව්යෝර්ක් හි ගෝල්ඩන් ගේට්ස් අවන්හල සිය පාරිභෝගිකයින්ට ලෝකයේ වඩාත්ම මිල අධිකම ඩම්ප්ලිං සපයනු ලබයි. නිත්‍ය අමුද්‍රව්‍ය හැරුණු විට ගැඹුරු ජලයේ ජීවත් වෙන ආලෝකය නිපදවීමේ හැකියාව ඇති lantern fish මත්ස්‍යයන්ගෙන් ලබා ගන්නා වර්ණක මෙම ඩම්ප්ලිං සදහා සුවිශේෂී නිල් පැහැ‍යැ ලබා දෙයි. ඒවා අතිශයින්ම රසවත් යැයි කියනු ලබන අතර ඩම්ප්ලිං 8 ක් සඳහා ඩොලර් 2,400 ක් සහ 16 ක් සඳහා ඩොලර් 4,400 ක් වැය වෙන බවද වර්තා වෙනවා.

About isu

Check Also

සුනඛයින් මිනිසුන් හා මෙතරම් මිතුරු ඇයි ? ඔවුන්ගේ ජාන තුලම එය ඇතුලත්ද?

ඇමෙරිකාවේ විද්වතෙකු විසින් සුනඛයන් මිනිසුන් හා මෙතරම් සමීපව ඇසුරු කිරීමට හේතුව පිළිබඳව විමර්ශනයක් කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *