Breaking News

සුනඛයින් මිනිසුන් හා මෙතරම් මිතුරු ඇයි ? ඔවුන්ගේ ජාන තුලම එය ඇතුලත්ද?

ඇමෙරිකාවේ විද්වතෙකු විසින් සුනඛයන් මිනිසුන් හා මෙතරම් සමීපව ඇසුරු කිරීමට හේතුව පිළිබඳව විමර්ශනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සුනඛයන් තුල ස්වභාවයෙන්ම ඒ ගතිගුණ ඇති බවයි. මේ නිසා ඔවුන් මිනිසුන් හා සමීප සම්බන්දත ඇති කරයි. සුනඛයන් පැවත එන්නේ වෘකයන්ගෙනි. එම පවත ඒම අවුරුදු දසදහස් ගණනක් පැරණි බව කියවෙනවා.සුනඛයන්ගේ ශරීරයේ විශේෂිතවූ ජානමය සාධකයක් තුලින් ඔවුන් මෙවැනි විශේෂිතවූ සත්වයන් පිරිසක් වන බව පර්යේෂණ මගින් හෙළිවී ඇත. මෙනිසා සුනඛයින් විශේෂිත ජීවීන් බවට පත්වී ඇත. ඔවුන් වැඩි වශයෙන් මිනිසුන්ගේ ඇසුරට ප්‍රිය කරන්නෝ වෙති.

“අපගේ ජානමය වෙනස්වීම් පිළිබඳව කරන සොයාගැනීම් අනුව, සුනඛයින් හා වෘකයන් යන සත්වයන් දෙවර්ගයේම ජාන තුලින් ඔවුන්ගේ පෞරුෂයන්ට ඉහල තත්වයේ ඉඩක් ලබාදෙන බව තහවුරු වෙනවා. මෙවැනිම අකාරයක් පූසන් තුලත් දැකගන්න පුළුවන් “. මෙසේ අදහස් දැක්වුවේ ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය බ්‍රිද්ජ්ගේට් වොන්හොල්ද්ට් විසිනුයි.

ගෘහස්ථ සුනඛයන් සහ වෘකයන් පිළිබඳව විශේෂ අවධානයක් යටතේ පර්යේෂණ ක්‍රියාත්මක වෙනවා. සතුන්ගේ හැකියාවන්, සමාජගත වීමේ හැකියාවන් සහ ගැටළු වලට මුහුණදීමේ හැකියාවන් පිළිබඳව පරීක්ෂණ ගණනාවක්ම ක්‍රියාත්මක වෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස වෘකයන් සුනඛයන් සේම ගැටළු නිරාකරණය කිරීමට දක්ෂ බව සොයාගෙන තිබෙනවා. සුනඛයන් ඉතා සුහදශීලී බවත් පෙනී ගොස් ඇත. ඔවුන් මිනිසුන් හා අමුත්තන්ට සුහදශීලිව තම ස්තුතිය පුදකරන බවත් දක්නට ලැබෙන බව සඳහන්. නමුත් වෘකයන් තරමක පැකිලීමක් දක්වන බවත් පෙනෙනවා.

DNA වාර්ථා වලින් පෙන්නුම් කරන්නේ මෙම සතුන් සමාජයේ හැසීරීමෙන් මිනිසුන් හා තිබෙන සම්බන්දතාවය වැඩි දියුණු කරගෙන ඇති බවයි. මිනිසුන් ගත්කල, ඔවුන්ගේ සමහර අති සමාජශීලී ගතිපැවතුම් ඔවුන්ගේ ජානමය විකෘතිතා මත ඇති වන බව පෙන්නුම් වේ.

ජාතික සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ඉලේන් ඔස්ට්‍රැන්ඩර් පවසන්නේ මෙම සොයාගැනීම් තුලින් මිනිසුන්ගේ රෝගාබාධ පිළිබඳව අධ්‍යයනය කරන අයට එය මහත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. කෙසේ වෙතත් ඇය මෙම පර්යේෂණය සඳහා සම්බන්ධ කෙනෙකු නොවන බව සඳහන් වෙනවා.

ඇය පවසන්නේ මෙම සිත්ගන්නාසුළු පර්යේෂණ මගින් සුනඛයන්ගේ ජානමය වැදගත්කම මිනිසාගේ රෝගයන් විනිශ්චය කිරීමට යොදාගත හැකි බවයි. සුනඛයන්ගේ සුළු ජානමය වෙනස්වීම් පවා මිනිසුන්ගේ ඉතා සංකීර්ණ සෞඛ්‍ය ගැටළු වලට පාධක වන බවයි.

සුනඛයන් සුරතලුන් ලෙස වෘකයන්ගෙන් මීට වසර 20,000 සිට 40,000 පැවත ඇති බව සඳහන් වෙනවා. මෙම පරිවර්තනය ඇති වූයේ අතීතයේදී මිනිසුන් වෘකයන් යොදාගනමින් තමන්ගේ අහාර අවශ්‍යතා සපුරා ගැනුණු නිසයි. පසුකාලීනව ඔවුන් සුරතලුන් ලෙස නිවෙස්වල අතිකෙරුනා. මෙනිසා ඔවුන්ගේ සමාජශීලී ගතිපැවතුම් වල පැහැදිලි දියුණුවක් දකින්නට පුළුවන් බව තවදුරටත් සොයාගැනුනා .

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *