Breaking News

රටකින් එහා ඉන්න කෙනෙක්ට තමන්ගේ මවු රට මතක්වෙන්න බලපාන හේතු

අද ලෝකේ ගත්තොත් හුඟක් අය ජීවත් වෙන්නේ තමන් ඉපදුනු රටෙන් පිට රටක තමයි. ඒකට ඉතින් හේතු කීපයක්ම තියෙනවා. සමහර අය රස්සාවක් කරන්න යනවා. තවත් අය ඉගෙනගන්න. තවත් අය පදිංචි වෙන්නම යනවා. ඔය කොහොම ගියත් ගිහින් ටික කාලයක් යද්දීම තමන්ගේ මවුරට ගැන මතක් වෙලා සාංකාවක් හැදෙනවම තමයි. එක තේරෙන්නෙත් රට ඉන්න කෙනෙකුටයි. අපි අද කතා කරන්න යන්නෙත් අන්න ඒවගේ රට ඉන්න කෙනෙකුට තමන්ගේ මවුරට ගැන ගොඩාක් මතක් වෙන දේවල් කිහිපයක් ගැනයි.

1 තමන්ගේ පවුල

අනිවාර්යයෙන්ම. වෙන රටකට ආවම දරාගන්න බැරි දුකකට තියෙන්නේ තමන්ගේ පවුලේ අය තමන්ගේ ළඟ නැති එකයි. අලුත්ම රටක්, අලුත්ම අය, අලුත්ම පරිසරයකට ආවම මානසිකව තමන් හුඟක් වැටෙනවා. ඒවගේ වෙලාවක තමන්ගේ තනියට, තමන්ව සනසන්න පවුලේ කෙනෙක් නෑ කියන්නේ හුඟක් ලොකු දුකක් තමයි.අපිට නිදාගන්න පැය 6 අත්හැරියම හිතෙන්නෙම කොච්චර සල්ලි හෙව්වත් මොකටද තමන්ගෙ පවුල ලඟ ජීවත් වෙන්න බැරිනම් කියලා.ඒ තරම්ම පවුල කියන දේ බලවත් අපේ හිත් වලට .

2 අපේ රටේ කෑම

මුලින්ම රට ගියාම එන ප්‍රශ්නෙත් ඕක තමයි. කෑම ගැන. අනේ අම්මගේ අතෙන් හදල දෙන බත් එක වගේද මෙහෙ කෑම කියල තදින්ම හිතට වැදෙනවා. ආසියානු රටවල් වල කෑම රසයයි යුරෝපානු රටවල කෑම අතරේ ලොකු වෙනසක් තියෙනවනේ. කටට සැරට කාල පුරුදු වෙච්ච අයට සැර අඩු කෑම කන්නම බැහැ. තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඕක. අපි ඉන්න රට අනුව කෑම ගැන තියෙන ප්‍රශ්නත් වෙනස් වෙනවා. ඔය වගේ වෙලාවටයි ගෙදරින් කෑම එකක් ආවම සතුට වැඩි වෙන්නේ.

3 අපේ රටේ තියෙන ලස්සන

බොරු කියන්න ඕනෙ නෑ අපේ රට තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම රට කියලා.ඒත් අපේ රට ලෝකෙ තියෙන ලස්සනම රටක්.ඒකයි සුදු ජාතිකයන් උනත් ලංකාවට එන්නෙ.විශේෂයෙන්ම මේ කියන්න යන්නේ අපේ රටේ දේශගුණය ගැනයි. වෙන රටවල වගේ මෙහෙ ඍතු වෙනස්වීම් නැහැනේ. නැත්තම් සීත කාලෙට අපිට වෙනම වැඩපිළිවෙලක් කල් තියාම හදාගන්න වෙනවා. සීත රටකට යන්න උනොත් අපිට අසනීප වෙන්නත් ඉඩ තියෙනවා ඔරොත්තු දෙන්නේ නැති නිසා. රස්නේ වැඩි කාලෙට වැඩියෙන්ම එපා වෙයි. අපේ රටේ ඉඳල වෙන රටකට ගියාම හුඟක් මේවා දැනේවි.ශීත රටවල් ගොඩක් ලස්සනයි.අනිත් රටවල් වලට වඩා.ඒත් සමහර වෙලාවට හිතෙයි අපේ රට තරම් ලස්සන නෑ කියලා.ඒ හැඟීම තේරුම් ගන්න පිටරටකටම යන්න ඕනෙ.කෙටියෙන්ම කිව්වොත් ඒ ලස්සන ඇතිවෙන්නෙ තමන්ගෙ “ඇස් දෙකට නෙමෙයි.” ඒ ලස්සන දැනෙන්නෙ තමන්ගෙ හිතට

4 අපේ සංස්කෘතිය සහ චාරිත්‍ර

රටකින් රටකට තියෙන චාරිත්‍ර වෙනස් වෙනවා නේ. ඔයාට ඒවා සමහරවිට පිළිපදින්න වෙයි. එතකොට මාර අමුත්තක් දැනෙයි. සමහර රටවල් වල ඉන්න බැරි තරම්. බටහිර රටවල් වල නම් සංස්කෘතිය කියන එක පස්සේ හමා යන්නෑ.මම කියන්නෙත් නෑ සංස්කෘතිය පස්සෙ යන්න කියලා.ඒත් අපේ රටටම උරුම උණු සමහර දේවල් තියෙනවා.කොහෙන්වත් හොයාගන්න බැරි .ඒ තරම්ම ලස්සන.ඔයාට හිතෙනවනම් විතරක් මේ ලිපිය කියවන්න. මම මේක ලඟදි ලිව්වෙ.උතුරු කොරියාව ගැන තියෙන ලිපියක්.කොච්චර ඒ රට හිරවෙලාද තියෙන්නෙ කියලා ඒ ලිපියෙන් දැන ගන්න පුලුවන්.

5 භාෂාව

මේකත් ලොකු ප්‍රශ්නයක්. සාමාන්යෙන් ජාත්‍යන්තර භාෂාව English තමයි. එත් සමහර රටවල්වල එයාලගේ භාෂාවෙන් විතරයි කතා කරන්න අවසර තියෙන්නේ. චිනේ, ජපානේ වගේ රටවල ඉන්න අයට අපි මේ කියන අත්දැකීම ඇති.දිව උලුක්කුවෙන භාෂාවක් කතා කරද්දී තමයි සිංහල වල අගේ තේරෙන්නේ. මොනා කලත් සිංහලෙන් කතා කරනවා තරම් නැනේ.

මේ ලිපියෙන් මම කිව්වෙ හරිම ටිකයි.තව ගොඩාක් දේවල් තියෙනවා ලංකාව මතක් වෙන්න … ඔයාලටත් ඔයාගෙ අත්දැකීම බෙදා ගන්න තියෙනව නම් යටින් Comment එකක් විදිහට ඔයාගෙ අදහස දාන්න.කොහොම උනත් මේ ලිපියෙ තියෙන දේවල් ගොඩක් වෙලාවට හිතට දැනෙන්නෙ රටක ඉන්න කෙනෙක්ට තමයි.මමත් අවුරුදු 2ක් නවසීලන්තයේ ඉඳලා ආපු කෙනෙක්.ඒ නිසාම මේ කියන දේවල් මට හොඳට දැනෙනවා.මගේ යාලුවෝ නම් නතර උනා හැමදාටම එහේ.එයාලට ලංකාව මතක් උනත් “සල්ලි” කියන දේ නිසා එයාල එහෙ ඉන්න තීරණය කරා.මම මගේ රටට ආවා.මේ ලිව්ව ආටිකල් එක හොඳයි වගේ දැනෙනව නම් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න Share කරන්න අමතක කරන්නෙපා.

ඔබට සුභ දවසක් !!!

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *