Breaking News

සියලු බාධක කම්කටොළු මද්‍යයේ ජීවිතය ජයගත් අභීත කාන්තාවන් 5 දෙනෙකු පිළිබදව විස්තරය..

කෝඩි හෝල්
කෝඩි හෝල් නැමති මෙම කාන්තාව බ්‍රිතාන්‍යයේ උපත ලද අතර ඇය උපතින්ම මුහුණේ විරුපතාවකින් පෙලී තිබෙනවා. වෛද්‍යවරු මෙය සම්බන්දයෙන් කිසිවක් කල නොහැකි බවට ප්‍රකාශ කර තිබෙන නමුත් ඇයගේ පවුලේ පිරිස කෙසේ හෝ මුදල් සොයා ඇය වයස අවරුදු 1 දී ප්‍රථම ශල්‍යකර්මයට ඇයව භාජනය කර තිබෙනවා. ඊලග වසර 14 තුලදී කෝඩි ශල්‍යකර්ම 18 කට මුහුණ දී තිබෙන අතර ඇය සියලු බාධක මද්‍යයේ තම පාසල් කටයුතු උපරිම සාර්ථක ලෙස සිදු කර තිබෙනවා. ඇය පාසල් සමයේ සැමගේ සිත් දිනා ගෙන ආදරය දිනා ගැනීමටද සමත්ව තිබෙනවා. කෝඩි දැන් ශල්‍ය කාර්ම සිදු කරන රෝහලක සේවය කරන අතර ඇය තම යුග දිවියටද එලබී සිටිනවා. ඇය පවසන පරිදි සෑම දේකම සතුටුදායක අවසානයක් පවතින අතර ඇය එය ලොවට ඔප්පු කර තිබෙන බවයි.

මලාලා යුස්ෆාසායි
ඇය තලෙයිබාන් පාළනය යටතේ පවතින පකිස්ථාන පෙදෙසක වාසය කල අතර එහි ගැහැණු ළමුන්ට පාසල් යාම තහනම් කොට තිබුනා. ඒ වන විට ඇයට වයසර අවරුදු 14ක් වූ අතර ඇය මෙයට විරුද්ධව BBC එක හා සම්බන්ධ වී ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවා. මෙම නිසාම තලෙයිබාන් ත්‍රස්තයන් මැයගේ හිසට වෙඩි තැබූ නමුත් මැය ජිවත් වීමට භාග්‍යසම්පන්න වුවා. මේ වන විට ඇයට වාසය අවරුදු 20 ක් වන අතර ඇගේ නිර්භීතභාවය සහ ධෛරය නිසාම ඇය ජීවිතයට බොහෝ දේවල් ලගා කරගෙන තිබෙනවා. ලොව ලාබාලතම නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන ඇය සිරියානු සරණාගත දරුවන් වෙනුවෙන් පාසලක් පවා ආරම්භ කොට තිබෙනවා.

මිකයිලා හොල්ම්ග්රෙන්
මැය මන්දබුද්ධික බාවයකින් පෙලෙන අතර ඇමරිකාවේ ප්‍රධානතම සුරුපිනියන් තේරීමේ තරගයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඇය පවසන පරිදි ඇය වන තරුණියන්ට සෑම කෙනෙකුට ලැබෙන වරප්‍රසාද සමාජයෙන් හිමි විය යුතු අතර ඔවුන් හටද කල නොහැක්කක් නොමැත යන්නයි.

සාර මුරේ
ඇය ස්කොට්ලන්තයේ බොහෝ වැඩිහිටි මිනිසුන් වෙසෙන කුඩා දිවයිනකට තමා වාසය කර සියලු සැප පහසුකම් වලින් යුතු නගරය ඇත හැර යන අතර ඒ එහි සිටින වැඩිහිටියන්ට උපකාර කිරීම සදහාම වේ. ඇය ඉතාමත් අමාරු වැඩ කිරීමට පවා නොපැකිලි වන අතර රැකියා 9 ක නියැලීම සිදු කරයි. ඇය පවසන පරිදි ඇය ඉතාමත් සතුටින් මෙම වැඩ කටයුතු වල නියැලෙන අතර ඇයට පරණ ජිවන රටාව ඇත හැරීම සම්බන්ධයෙන් ඇය හට කිසිදු දුකක් නොමැති බවයි.

බෙතනි හැමිල්ටන්
මැය වයස අවුරුදු 14 ක් වන විට සර්ෆින් වල නියැලෙමින් සිටියදී මෝර ප්‍රහාරයකට ලක්ව එක් අතක් අහිමි කර ගන්නවා. ඇය ඒ පමණින් තම ජිවිතයේ බලපොරොත්තු අත නොහැරී අතර ඇය සර්ෆින් ප්‍රගුණ කිරීම සිදු කරනු ලබනවා. ඇය ජාතික ශුරියක් බවට පත් වන අතර යෞවන ලෝක ශුරත්වයෙන් දෙවන ස්ථානය පවා හිමි කර ගනු ලබනවා. ඇය මවක්, බිරිදක් මෙන්ව ලොව ප්‍රසිද්ධම වෘතිමය සර්ෆින් ක්‍රීඩිකාවද වනවා. ඇයගේ ජිවිත කතාව පොතක මෙන්ම චිත්‍රපටයක පවා අන්තර්ගත වනවා.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *