Breaking News

ඔබට විශ්වාස කිරීමටවත් නොහැකි ලොව වටා සිටින අමුතුම දේශපාලනඥයන් 10 දෙනා

ජසින්ඩා අර්ඩන්
මැය නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරිය වේ. මැයට එම රටේ ජනතාව මහත් ලෙස ආදරය කරයි. ඇයගේ විලාසිතාව, හාස්‍ය, සමලිංගික විවාහයන් සහ මරිජුවානා නම් මත්ද්‍රව්‍ය රට තුල නිත්‍යානුකුල කිරීම වැනි හේතුන් නිසා මැය ජනතාවගේ ආදරය දිනා ගෙන තිබේ. ඇය තම විවේක කාලයේ DJ එකෙන් සංගීත ට්‍රෙක් සෑදීමට ප්‍රිය කරයි. මැය 2014 වසරේදී DJ සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට පවා කටයුතු කර ඇත.

ජෝස් මුජීසා
මොහු උරුගුවේහි හිටපු ජනාධිපතිවරයා වේ. මොහු එළවළු පමණක් ආහාරයට ගනී. තවද මොහු ගරා වැටුණු ගොවිපළක තම බිරිද සමග වාසය කරන අතර තම සම්පුර්ණ පඩියම මොහු ධාන මාන කටයුතු සදහා වියදම් කරයි. මොවුන් යටතේ කිසිම සේවකයකු නොවන අතර මොවුන් දෙදෙනාම මල් විකුණා එම ලැබෙන ආදායමෙන් ජීවත් වේ.

ජොන් ග්‍රාන්
මැය රජ්වයික් යන රටෙහි හිටපු මේයර්වරිය වේ. ඇය රචිකාවක්, සංගිතශිල්පිනියක්, විකටකරිනියක් සහ දේශපාලනය කරන තැනැත්තියක් වේ. ඇයගේ දේශපාලන පක්ෂය රොක් සංගීත ශිල්පීන්ගෙන් සමන්විත වන අතර  සමග කිසිදු සම්බන්දයක් තිබී නොමැත. අයගේ වසර 4 ක පාලන සමයේ ඇය මුල්‍ය ක්ෂේත්‍රය සම්පුරණයෙන් වෙනස් කල අතර පාසල් සහ මාර්ග සම්පුරණයෙන්ම සංවර්ධනය කර තිබේ. සංචාරක ක්ෂේස්ත්‍රය 20% කින් ඉහළ නැංවීමට ඇය කටයුතු කර තිබේ.

ඇනා ඉලෝනා ස්ටෙලර්
ඇය සිස්ලෝනිය නම් වූ ආරුඩ නාමයකින් ප්‍රචලිත වේ. ඇය ඉතාලි නිළියක් මෙන්ම කාමුක චිත්‍රපටවල රගපාන අයෙකි. ඇය වයස 16 දී හෝටලයක සේවිකාවක් වශයෙන් ඉතාලි රහස් පොලිසියට සේවය සපයා ඇත. ඇය වසර 5 ක් ඉතාලි රැඩිකල් පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිට ඇත.

1991 වර්ෂයේදී ඇය ආදරයේ පක්ෂය නමින් පක්ෂයක් පවා අරබා තිබේ.

ඩ්මීර් ෆ්‍රාන්ස්
මොහු චෙක් ජනපදයේ කලාකරුවකු සහ රචකයකු වනවා. ඔහු 2013 වර්ෂයේ ජනාධිපතිවරණයට තරග වැදී තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඔහුගේ ජන්ද ව්‍යාපාරය තරුණ පරපුර ඉලක්ක කරගෙන මෙහෙය වී ඇති අතර ඔහුගේ ජන්ද පොරොන්දුව වී ඇත්තේ මරජුවානා නම් වූ මත්ද්‍රව්‍ය නීතිගත කරන එක වේ. ඔහුගේ ශරීරයේ 90%ක් ම පච්ච සහ මුදු වලින් පිරි පවතී. මිනිසුන් මොහුව ඇවටාර් සහ ෆන්ටෝමස් යන නම් වලින් හදුන්වයි.

ටිරිරිකා
මොහු වයස අවරුදු 9 වන තෙක් පාසල් ගොස් ඇති අතර එම නිසාම මිනිසුන් මොහුට නුගතා සහ විකටයා ලෙස ආමන්ත්‍රණය කරයි. මොහු සාවෝ පාලෝ නගරාධිපති ලෙස තරග වැදී ඇති අතර මිනිසුන් මොහුව විශ්වාස කර මොහුට ජන්දය ලබා දී තිබේ. මොහු සැබවින්ම විකටකරුවකු වන අතර කෙසේ නමුදු මොහු එහි විනයගරුකම නගරාධිපතිවරයා ලෙස තම වැඩ කටයුතු සිදු කොට ඇත.

ස්ටබ්ස් නම් පුසා
ඔබ කිසි දිනක නොසිතනවා ඇති සතෙකු නගරාධිපති ලෙස පත් කර ගන්නවා. විශේෂයෙන්ම පුසෙකු. මෙය සැබවින්ම ඇමරිකාවේ ඇලස්කා නම් වූ නගරයේ සිදු වී ඇත. ගැලපෙන නගරාධිපති අපේක්ෂකයකු නොසිටි හේතුවෙන් මෙම ස්ටබ්ස් ලෙස හැදින්වෙන පුසා එම නගරයේ ගෞරවාන්විත නගරාධිපති ලෙස පත් කර ගෙන තිබේ. මොහු 1997 සිට 2017 තෙක් වසර 20 ක් ජිවත් වී තිබේ.

ඩාර්ට් අලෙස්කිවිච් වේඩර්
මොහු යුක්රේනයේ කිව් සහ ඔඩෙසා යන නගර දෙක සදහා නගරාධිපති ලෙස තරග වැදී ඇත. මොහු අමුතු ඇදුමක් ඇදගෙන තම ජන්ද ව්‍යාපාරය සිදු කර තිබේ. මොහුගේ සහ මොහුගේ සහායකයාගේ ප්‍රධාන අපේක්ෂාව වී ඇත්තේ දුෂණයට විරුද්ධව සටන් වැදීම වේ. කෙසේ නමුදු මොහු ජන්ද විශාල ප්‍රමාණයකින් පැරදී තිබේ.

කාර්ල් 16 ගුස්ටාෆ්
මොහු ස්වීඩනයේ රජතුමා වේ. මොහු බොහෝ ප්‍රසිද්ධ ස්ථාන වලට ගමන් කරන්නේ කිසයම් වූ දෙයක් හිසට පැළදගෙන වේ. නාසා හෙලමට්, ගෙබි ඇස් සහිත මුහුණු පළදනා සහ විවධ හැදින්වීමට පවා අපහසු මුහුණු පළදනා පැළද මොහු ගමන් කරයි. මොහු පරිසරයට දැඩි ලෙස ආදරය කරන පුද්ගලයකුද වන අතර නිර්මාන්ශිකයකුද වේ.

ජස්ටින් ටුඩේව්
මොහු කැනඩාවේ ජනාධිපතිවරයා වන අතර මුළු ලෝකයේම ජනාදරය දිනු පුද්ගලයකු වේ. මොහු සතුව මේස් යුවල් එකතුවක් පවතින අතර මොහු ප්‍රසිද්ධ අවස්ථාවන් වලට මෙම වර්ණවත් මේස් යුවල් පැළදීම සිදු කරයි. මොහු ඉතාමත් විනෝදකාමී මෙන්ම දක්ෂ පුද්ගලයෙකි.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *