Breaking News

හැරෙන ක්ෂණයෙන් සාමාන්‍ය මිනිසුන් මිලියනපතියන් කරන ලද අවස්ථා සමූහයක්..

 

කාසි වලින් වැසි තිබු බිත්තිය
ඇමරිකාවේ පෙන්සේල්වේනියා නගරයේ වසර 20 ක් තිස්සේ අතහැර දමා තිබු නිවසක් නිවසක් තිබුණි. ඒ නිවස තුල ක්‍රීඩා කරමින් සිටි කුඩා ළමුන් පිරිසකට පැරණි කාසි සමුහයක් බිම වැටී තිබී හමු වූ අතර ඔවුන් මෙය පිළිබදව තම දෙමාපියන්ට පවසා තිබේ. ඔවුන් පැමිණ මෙම නිවසේ බිත්තිය කඩා ඇති අතර බිත්තිය කඩනවාත් සමග දහස් ගණන් කාසි සමුහයක් එත් සමගම බිම වැටී ඇත. ඩොලර් 8500 ක පමණ සාමාන්‍ය කාසි සහ 1793-1857 සමයට අයත් පැරණි කාසි සමුහයක්ද එහි තිබී හමු වී තිබේ. එම පැරණි කාසි වල වටිනාකම ඩොලර් ලක්ෂ දෙකක් පමණ වී ඇත.

රත්තරන්
ඕස්ට්‍රේලියාවේ බලාරට් වල විසු ගොවියෙක් ලෝහ හදුනා ගන්න උපකරණයක් රැගෙන ඔහුගේ ගෙය අවට පරික්ෂාවට ලක් කොට තිබේ. ඔහුට කිසයම් සංඥාවක් ලැබුන අතර ඔහු එම ස්ථානය පරික්ෂාවට ලක් කොට තිබේ. එහිදී කුඩා රත්තරන් කැබලි සමුහයක් සමු වුන අතර තව දුරටත් පරික්ෂා කිරීමේදී රත්තරන් කිලෝ 5.5 ක කුට්ටියක් සොයා ගන්නා ලදී. එය ඩොලර් 350,000 ක් පමණ වටිනාකමකින් යුතු වේ.

රාජකීය අගිනිමානික්‍ය
මෙයද ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන අතර ඔහුගේ නම බොබී වේ. වෘතියෙන් පතල්කරුවකු වන මොහු වැඩ කරමින් සිටියදී තම බකට් එක තුල අඩියේ තිබී මානික්‍යක් සොයා ගෙන තිබේ. ඔහු එය සාමාන්‍ය ගලක් යැයි සිතා සිහිවටනයක් ලෙස තබා ගෙන තිබේ. පසුව වසර 14 කින් අනතුරුව ඔහු එය විශේෂඥයකු හට පෙන්වා තිබේ. ඔහු එම මානික්‍ය අතිශයෙන්ම දුර්ලබ ගණයේ ඉහළ වටිනාකමකින් යුක්ත එකක් බවට පවසා තිබේ. මෙය ඩොලර් මිලියන 3 ක මුදලකට විකුණා තිබේ.

ලියුම් කවර තුල තිබු මුදල්
2009 වර්ෂයේ එකතරා දිනක බොබ් කිට්ස් තම නිවස ඔහුගේ පාසල් සමයේ මිතුරකු වන අමන්ද රීකේ සමග පිළිසකර කරමින් සිට ඇත. මෙහිදී ඔවුන් නාන කාමරයේ ටයිල් ගලවන විටදී එය යට තිබී යකඩ පෙට්ටි දෙකක් තුල ලියුම් කවර තුල මුදල් නෝට්ටු සමූහයක් සොයා ගෙන තිබේ. එය තුල ඩොලර් 182,000 ක මුදලක් තිබී ඇත. කෙසේ නමුදු බොබ් කිට්ස් තම මිතුරා හට 10% ක මුදලක් දීමට එකග වී ඇතත් ඇයගේ පාසල් මිතුරා රීකේ එයට එකග වී නොමැත. ඔහු 40% ක ප්‍රමාණයක් ඉල්ලා තිබේ. මෙය සදහා පසුව නඩු මාර්ගයට ගොස් ඇති අතර උසාවිය විසින් සමානව එම මුදල බෙදා ගන්නා ලෙස පසුව නියෝග කර ඇත.

නැති වූ මිටිය
1992 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගොවියකු වූ පීටර් වට්ලින්ග් ඔහු භාවිතා කල මිටිය නැති වී ඇත, මෙය සෙවීම සදහා තම මිතුරකු වූ එරික් ලෙවිස්ගේ ලෝහ හදුනා ගැනීමේ උපකරණයේ සහය ඉල්ලා ඇත. ප්‍රථම මිනිත්තු කිහිපයේ ලෙවිස් විශාල රිදී කාසියක් සොයා ගෙන තිබේ. පසුව එම ස්ථානය වැඩිදුර පරික්ෂා කිරීමේදී  විශාල ලී පෙට්ටියක බහාලන ලද රත්තරන් මාල, කාසි සහ ආභරණ වැනි වස්තු සම්භාරයක් සොයා ගෙන තිබේ. එම වස්තුන් වල වටිනාකම ඩොලර් මිලියන 15 ක් පමණ වී ඇති අතර ඔවුන් ඒවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට දී ඇත. කෙසේ නමුදු මොවුන් හට ඩොලර් මිලියන 2.3 ක මුදලක් පිරිනමා ඇති අතර ඔවුන් දෙදෙනා එය සමසේ බෙදා ගෙන ඇත.

ඇමරිකානු නිදහස් ප්‍රකාශන
ඇමරිකාවේ පෙන්සල්වෙනියා වල වාසය කල පුද්ගලයකු කිසියම් වෙන්දේසියකින් ඩොලර් 4 ක මුදලකට තම නිවසෙහි එල්ලීම සදහා චිත්‍රයක් මිලට ගනු ලබනවා. ඔහු එහි කවරය මාරු කිරීමට යාමේදී එය තුල තිබී කුඩා ලිපියක් සොයා ගනු ලබනවා. එය ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ නිකුත් කල සත්‍ය පිටපත් අතුරින් එකක් වන අතර මොහු එය ඩොලර් මිලයන 2.4 ක මුදලකට විකුණා තිබෙනවා.

මේ හා සමානම සිදුවීමක් ඇමරිකාවේ නෂ්විල් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මොහු ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ පිටපතක් ඩොලර් 2.48 ක මුදලකට මිලදී ගනු ලබනවා. මන්ද එහි දිස්වූ පෙනුමට ඔහු ඇල්මක් දැක්වූ හේතුවෙනි. මොහු වසර ගණනාවක් එය සමා සන්තකයේ තබා ගෙන සිට ඇති අතර පසුව එය  විශේෂඥයකු හට පෙන්වා තිබේ. එය වසර 184 කට පෙර නිකුත් කරන ලද අත් පිටපත් වලින් එකක් වී ඇති අතර ඔහු එය ඩොලර් එක්ලක්ෂ විසිපන්දාහට වෙන්දේසියකදී විකුණා තිබේ.

බ්‍රිතාන්‍ය රජවරුන්ගේ රත්තරන්
ටෙරී හර්බට් නම් වූ පුරාවිද්යාඥමියා විසින් එංගලන්තයේ ස්ට්ෆොර්ඩ්ශයර් වල විසු තම මිතුරකු වූ ගොවියකු හමු වී ඔහුගේ ගොවිපල ලෝහ හදුනා ගැනීමේ උපකරණයකින් පරික්ෂා කිරීමේ යෙදුනි. ඔහුගේ අරමුණ වුයේ කාසි කිහිපයක් සොයා ගැනීමයි. කෙසේ නමුදු ප්‍රථම දිනයේම ඔවුන් පෞරාණික වස්තුන් 4000 ක පමණ ප්‍රමාණයක් සොයා ගත් අතර එහි බර ප්‍රමාණය කිලෝ 4.5 ක් පමණ වී ඇත. මෙම වස්තුන් 6 වන සියවසට අයත් බ්‍රිතාන්‍ය ප්‍රභූන්ට අයත් ඒවා වී ඇත. මෙහි වටිනාකම ඩොලර් මිලියන 5.3 ක් ලෙසට ඇස්තමේන්තු කොට තිබේ.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *