Breaking News

ගැබුරු මුහුද තුලින් සමු වූ කිසිදු පුද්ගලයෙකුට විස්තර කිරීමට පවා අපහසු දේවල් සමූහය..

පක්ෂීන්
කේප් ගැනට් ලෙස හැදින්වෙන මෙම කුරුල්ලන් සමූහය ගොඩාක් දුරට ජලය යටදී දැක ගත හැකි අතර මොවුන් මිසයිල් පක්ෂීන් ලෙසද හැදින්වේ. මොවුන්ට අඩි 100 ක් පමණ යට ජලය තුලට පවා පැයට කිලෝමීටර 100 ක පමණ වේගයෙන් පියාබා යා හැකිය. මොවුන්ගේ ශ්වසන පද්ධතිය අනෙක් පක්ෂීන්ගේ මෙන් පිහිටා නොමැති අතර එය බබල් එකක් මෙන් පිහිටා තිබේ. තවද අනෙක් පක්ෂීන්ගේ මෙන් මොවුන්ගේ නාස් සිදුරු පිටතට වන්නට පිහිටා නොතිබේ. ගැනට් පක්ෂීන් බොහෝ විට අඩි 72 ක් පමණ යට ගැබුරු මුහුදේ පිහිනමින් සිටිති.

කෙල්ප් වනාන්තර
මෙය ගැබුරු මුහුදේ පිහිටා ඇති ජිව පද්ධතියක් වන අතර මෙය දුබුරු හැඩති කෙල්ප් නම් වූ ඇල්ගී වර්ගයක් හේතුවෙන් හට ගෙන තිබේ. මෙම කෙල්ප් නම් වූ ඇල්ගී වර්ගය මුහුදු පත්ල තුල හට ගන්නා අතර කාලයත් සමග වර්ධනය වී ඉහළට ඇදී යනවා. මෙම කෙල්ප් ඇල්ගී වර්ගය අඩි 150 ක් පමණ  ඉහළට වැඩෙනවා. තවද සමහර කෙල්ප් වර්ග දිනකට අඩි දෙකක් පමණ වැඩෙන බව සදහන් වෙනවා. මෙම ඇල්ගී වර්ගය මුහුද යට වනාන්තරයක් ලෙස දිස් වනවා.

දෙවන ලෝක යුද්ධයේ රිදී
මෙය අත්ලාන්තික් සාගර පත්ලෙන් සොයා ගෙන ඇති අතර ටොන් 61ක් පමණ වූද ඩොලර් මිලියන 36 ක පමණ වටිනාකමකින් යුතු රිදී තොගයක් වනවා.

1941 දෙවන ලෝක යුධ සමයේදී මුහුදුබත් කල බ්‍රිතාන්‍ය නෞකාවක මෙම රිදී සමුහය තිබු බවට විශ්වාස කරන අතර එයින් 20% ක පමණ ප්‍රමාණයක් පමණක් සොයා ගෙන තිබේ.

පෞරාණික ක්ෂුද්‍ර ජීවින්
2012 වර්ෂයේදී විද්යාඥමියන් පිරිසක් විසින් උතුරු පැසිෆික් මුහුදේ ක්ෂුද්‍ර ජීවින් සාම්පලයක් පරික්ෂා කර තිබෙනවා. එහිදී ඔවුන් හට මෙම සාම්පල් තුල ඉතාමත් ස්වල්ප ආහාර සහ වාතය ලබා ගෙන බොහෝ අපහසුවෙන් ජිවත් වන ක්ෂුද්‍ර ජීවින් දැක ගත හැකි විය. මොවුන් වසර දහස් ගණනක සිට ජිවත් වන බව පැවසේ.

ඇපලෝ 11 රොකට් එන්ජිම
ඇපලෝ රොකට් යානයේ කඩා වැටී තිබු සුන්බුන් එකතු කිරීමට ජෙෆ් බෙසොස් ඇමෙසෝන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුග්‍රහය යටතේ ව්‍යාපෘතියක් ඇරබුණි. මෙහිදී 2013 වර්ෂයේදී ගල්ෆ් මුහුදේ මෙක්සිකන් සීමාවට වන්නට මෙම එන්ජිම සොයා ගත හැකි වී තිබේ. පුදුමයට කරුණ නම් දශක 4 පුරාවට මෙය මුහුදු පත්ලේ තිබීමයි.

මුහුදු පත්ලේ ඇති ගංගා සහ විල්
මෙය මෙක්සිකන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති අතර මෙම ගංගාව සාමාන්‍ය ගංගාවක් ලෙසම අතු විහිදී ගලා යන එකකි. මෙම ගංගාවේ ජලයෙහි ලවණ සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් අඩංගු වේ. තවද මෙය මුහුදු පත්ලේ තිබුනත් වෙනම ඒකකයක් ලෙස ක්‍රියා කරයි.

මෙලෙස බොහෝ ගංගා සහ විල් මුහුද පත්ලේ ඇති අතර තවත් පුදුමයට කරුනම් නම් මෙම ගංගා වෙනම අයුරකින් ගලා බසිමින් රැළි නැන්වීමයි.

රාජ්‍යසභා රැස්වීම්
මාලදිවයිනේ ජනාධිපති වන මොහමඩ් නෂීඩ් විසින් මෙය සංවිධානය කර තිබු අතර මෙහිදී ඔවුන්ගේ තේමාව වුයේ ලෝක උණුසුම ඉහල යාමයි. මම රැස්වීම මිනිත්තු 30 ක පමණ කාලයක් පවතී ඇති අතර කිමිදුම් ඇදුමින් සැරසී අඩි 20 ක් පමණ වූ මුහුදු පත්ලේ මෙය පවත්වා තිබේ.

ප්‍රතිරූප උද්‍යානය
කැරිබියන් මුහුදේ ග්‍රෙනේඩා වල මෙම උද්‍යානය පිහිටා තිබේ. ජෙසෝන් ඩික්ලයර් ටය්ලෝර් නම් වූ පුද්ගලයාගේ නිර්මාණ වන මෙම ප්‍රතිරූප 2006 වසරේදී මහජන ප්‍රසිද්ධියට පත් කර තිබේ. මුහුද යට ලෝකය යන තේමාව යටතේ මේවා නිර්මාණය කර ඇති අතර ප්‍රතිරූප 500 කට අධික ප්‍රමාණයක් මෙහි පිහිටා තිබේ.

පුරාණ දිය යට නගරය
ශයි චෙන් ලෙස හැදින්වෙන මෙම නගරය වසර 1300 ක් පමණ පුරාන වේ. චීන රජයේ ව්‍යපෘතියකට අනුව මීට වසර 53 කට ඉහතදී මෙම නගරය ජලයෙන් යට කොට වේල්ලක් ඉදි කොට ඇත. දැන් මෙම නගරය අඩි 130 ක් පමණ ගැබුරු ජලය තුල පවතී.

දිය යට පිහිටි ප්‍රාග් ඓතිහාසික ගල්කුලුණු
සිසිලි රාජ්‍ය මුහුදු සීමාව තුලින් මෙම ප්‍රාග් ඓතිහාසික ගල්කුලුණු සමුහය සොයා ගෙන ඇති අතර මෙය ඉතාමත් වැදගත් සොයාගැනිමකි. මෙම ආකෘතිය දෙකට කැඩී වෙන්ව පවතින අතර මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය කල දෙයක් ලෙසට මෙය සැලකේ.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *