Breaking News

ලෝකයේ එතෙක් මෙතෙක් සිදු වී ඇති විශාලතම ගිනි ගැනීම් 10 ය

1872 බොස්ටන් ගිනි ගැනීම
මෙම ගිනි ගැනීම ඇමරිකා ඉතිහාසයේ සිදු වූ විශාල විනාශයක් සහ දේපළ හානි සිදු කල ගිනි ගැනීමක් වේ. මෙය 1872 බොස්ටන් නගරය පුරාවටම විහිදී ගිය අතර බොහෝ මුල්‍ය දිස්ත්‍රික්ක, බිල්ඩින්, නිවාස විනාශ කරමින් පැතිර ගියහ. මිනිසුන් 20 දෙනෙකුගේ දිවි අහිමි වී ඇති අතර දහස් ගණනකට තම රැකියා මෙම ගින්න නිසා අහිමි විය.

1421 සහ 1452 අම්ස්ට්‍රේඩම් වල සිදු වූ ගින්න
15  වන සියවසේදී අම්ස්ට්‍රේඩම් එකවරක් නොව දෙවතාවක්ම ගින්න නිසා විනාශ වී ගියහ. ප්‍රථමයෙන් 1421 සිදු වී ඇති අතර පසුව 1452 සිදු විය. ඒ වන විට නිවාස දැව වලින් නිවාස සාදා තිබූ නිසා ගින්න ඉතා ඉක්මනින් මුළු නගරය පුරාම පැතිර ගොස් තිබෙනවා. 1452 සිදු වී ඇති ගින්නෙන් නගරයෙන් 75%  ක් විනාශ වී තිබෙනවා.

1776 නිව්යෝර්ක් ගින්න
මෙම ගින්න ඇමරිකාවේ විප්ලව යුධ සමයේ සිදු වී තිබේ. මෙහිදී ඇමරිකානු විප්ලව සටන් කරුවන් බ්‍රිතාන්‍යට විරුද්ධව නිව්යෝර්ක් වල සටන් කිරීම අතහැර නගරය ගිනි තබා පසු බැසීමට තීරණය කර ඇත. මෙම අදහසට බොහෝ දෙන විරුද්ධ වුවද පසුව ඔවුන් නිව්යෝර්ක් නගරය අතහැර පසු බැස ගොස් තිබේ. ඉන් සතියකට අනතුරුව බ්‍රිතාන්‍යන් නගරයට කඩා වැදී ඇති අතර මුළු නගරයම ගිනිබත් වී තිබී ඇත.

1906 සැන් ෆ්රන්සසිකෝ ගිනි ගැනීම
1906 අප්‍රේල් 18 ඇති වූ සුවිශාල භූ කම්පනයක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන තිබේ. මෙහිදී ගිනි නිවන භටයන් ක්‍රියා කරන ලද අන්දම හේතුවෙන් සහ ඔවුන්ට තිබු අඩු දැනුම හා උපකරණ වල තිබු අඩුව හේතුවෙන් මෙම ගින්න තව දෙගුණ තෙගුණ වීමට හේතු වී තිබේ. මිනිසුන් 3000 කට පමණ මෙයින් ජීවිත අහිමි වී තිබු අතර නගරයෙන් 80% ක්ම සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.

1728 කොපෙන්හැගන් ගින්න
මෙම ගින්න 1728 ඔක්තෝබර් මස 20 වන දින සිට 23 වන දින දක්වා දින ගණනාවක් ඩෙන්මාර්කයේ කොපෙන්හැගන් නගරයේ සිදු වී තිබේ. මෙම ගින්න  හේතුවෙන් නගරයෙන් 75% ක්ම සම්පුර්ණයෙන් අළු වී ගොස් තිබේ. මුළු ඩෙන්මාර්කයේම ජනගහනයෙන් 5 න 1 කට පමණ නිවාස අහිමි වී ගොස් තිබේ. තවද ඉතාමත් පෞරාණික සංස්කෘතික උරුමයන් රාශියක් මෙම ගින්න නිසා අළු වී දැවී ගොස් තිබේ.

1871 චිකාගෝ ගින්න
මෙය චිකාගෝ වල පැවති ගොවිපොළක ලන්තෑරුමක් පෙරලි යාමෙන් හට ගෙන තිබේ. කෙසේ නමුදු මෙය සත්‍යම හේතුව යැයි පැවසීමට සාධක නොමැති අතර මෙම ගින්න නිසා 90000 ක පමණ ජනගහනයකට නිවෙස් අහිමි වී තිබේ. තවද 300 මිනිසුන් මෙම ගින්න නිසා මිය ගොස් තිබේ.

1812 මොස්කව් නුවර ගින්න
බෝරෝදිනෝ නම් රුසියානු නගරය ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ මීළග ඉල්ලකය වී ඇත්තේ මොස්කව් නුවර වේ. හමුදා බලයෙන් නැපෝලියන් අධිරාජ්‍යා පැරදිය නොහැකි බව දැනගත් රුසියාව මොස්කව් නුවරට ගිනි තබා නගරයෙන් පිටත්ව ගොස් තිබේ. කෙසේ නමුදු මෙම ගින්න හේතුවෙන් මුළු නගරයෙන් 3 න් 1 ක්ම ගිනි බත් වී ඇති අතර 12,000 පමණ පිරිසකට ජිවිත අහිමි වී තිබේ.

64 A.D වලදී රෝමයේ හට ගත ගින්න
මෙය 64 A.D වලදී රෝමයේ ජුලි 18 සහ 19 යන දින පුරාවට හට ගෙන තිබේ. පැවති සුළග හේතුවෙන් නගරය වටාම ඉතා ඉක්මනින් ගින්න පැතිරී ගොස් තිබී ඇති අතර 70% පමණ මුළු නගරයම ගිනිබත් වී තිබේ. ගින්න හට ගැනීමට හේතුන් ගණනාවක්ම ඉදිරිපත් වන අතර එයින් සත්‍ය හේතුව කුමක්ද යන්න පැහැදිලි නොවේ.

1666 ලන්ඩන් නුවර හටගත් ගින්න
තෝමස් ෆරිනර් නම් බේකරි හිමියාගේ නිවසින් මෙම ගින්න හට ගෙන තිබේ. මෙය 1666 සැප්තැම්බර් 2 වන දින හට ගෙන ඇති අතර ගිනි නිවන භටයන් මෙම ගින්න නැවතීමට උත්සහයක් දරා නොමැත. පසු දින මුළු ලන්ඩන් නුවර පුරාම මෙම ගින්න ව්‍යාප්ත වී ඇති අතර නිවාස 70000 සහ 80000 අතර ප්‍රමාණයක් මෙයින් සම්පුර්ණයෙන්ම ගිනිබත් වී තිබේ.

1923 ටෝකියෝ නුවර හට ගත් ගින්න
මෙම ගින්නද ඉතා විශාල භුකම්පනයක් හේතුවෙන් හට ගෙන තිබේ. ගින්න සහ භූකම්පනය හේතුවෙන් 142,000 පමණ පිරිසකට ජිවිත අහිමි වී තිබේ. ගින්නෙන් පමණක් 38,000 ක පිරිසක් මරණයට පත්ව තිබේ. මෙය දහවල් කාලයේ සිදු වී ඇති අතර ගින්නත් සමග කුණාටුවක් ඇති වීම නිසා ගින්න පැතිරී ගොස් තිබේ.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *