Breaking News

පුරාවිද්යාඥමියන්ට පවා විස්තර කල නොහැකි ලෝකයේ මහත් විශ්මයජනකම සොයා ගැනීම් සමූහය..

මෙක්සිකෝවේ රතු රැජිනියගේ සොහොන් කොත
1994 වසරේදී පුරාවිද්යාඥමියන් විසින් එකල මායා ශිෂ්ටාචාරයක්ව පවතී මෙක්සිකෝවෙන් සොහොන් කොතක් සොයා ගනු ලැබුවා. මෙහිදී ඔවුන් රතු පවුඩර් වලින් වසා තිබු කාන්තාවකගේ ඇටසැකිල්ලක් සොයා ගනු ලැබුවා. එය තුලම මිනි, මුතු එකතුවක්ද තිබු අතර මියගිය පසු මුහුණට පළදනු ලබන වෙස් මුහුණක කැබලිද එය තුලින් සොයා ගෙන පවතිනවා. එම රතු රැජිණ වසර 60 ක් වයස පමණ වී ඇති අතර එකල පුරුෂයා මුලික කරගත් සමාජයක් පැවති අතර කාන්තාවකට මේ අයුරින් සලකා තිබීම පුදුමයට කරුණක් බව පැවසෙනවා.

මෙක්සිකෝවේ ලා වැන්ටා මිනිසා
මෙය 1947 මෙක්සිකෝවේ ලා වැන්ටා නම් වූ නගරයෙන් සොයා ගෙන තිබේ. එම අයුරෙන්ම අති විශාල ගලින් කොටන ලද මිනිස් රූ 17 ක් සොයා ගෙන තිබේ. මෙම පිළිරූ පිළිබදව කිසිම පිළිතුරක් නොමැති ප්‍රශ්න රාශියක් පවතින අතර ඒවා සෑදීමට භාවිතා කල තාක්ෂණය විශ්මජනක වේ. ඔවුන් මෙම පිළිරූ සෑදීමට භාවිතා කල ආයුධ සහ ඒවා ප්‍රවාහනයට භාවිතා කල ක්‍රමයන් පුදුමසහගත වන අතර ඒවා තවමත් රහසක්ව පවතී.

මොඩල් 1873 වින්චෙස්ටර් රයිෆලය
වසර 132ක් පමණ පැරණි මෙම රයිෆලය උටාහි බාසින් ජාතික උද්‍යානයේ ගසක් මත හේත්තු කර තිබියදී සොයා ගනු ලැබ ඇත. පුදුමයට කරුණ නම් වසර 132 ක් පමණ ගසකට හේත්තු කර තිබියදී කිසිදු කෙනෙකු සහ කිසිදු ආපදාවකින් තොරව එය පැවතීම වේ.

දකුණු අප්‍රිකාවේ කලාහාරි කාන්තාරයේ නැති වූ නගරය
1885 වසරේදී ගවේෂකයකු වූ ෆරිනි නම් වූ පුද්ගලයා දකුණු අප්‍රිකාවේ ඔහු සොයා ගත් නැති වූ නගරයක් පිළිබදව වාර්තාවක් සපයන ලදී. ඔහු එම වාර්තාව බ්‍රිතාන්නයේ රාජකීය භූවිද්‍යා සංගමයට බාර දී ඇති අතර පසුව එය පොතක් ලෙස එලි දක්වා තිබේ. ෆරිනි පවසන පරිදි මෙම නගරය වැලි වලට යට වී පවතියි. තවද 2016 වර්ෂයේ කරන ලද ගවේෂණ වලින් ගල් වලින් සාදන ලද බිත්ති සමුහයක් සොයා ගෙන තිබේ.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ සොහොන් කොත
මෙය හා බැදුණු කතා සමුදායක් පවතී. එකක් නම් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ සිරුර රත්තරන් පෙට්ටියක බහාලා මෙම්පිස් වලට සහ ඊජිප්තියානු අලෙක්සන්ඩ්ද්‍රියාවට යවා ඇත. පසුව මෙම මිනී පෙට්ටිය ලෙබනනයෙන් සොයා ගනු ලද බව පවසුවහත් එය සිඩොන් නම් වූ රජතුමාගේ යන්න පසුව අනාවරණය වී තිබෙනවා. 2014 වර්ෂයේ මසිඩොනියාවෙන් හිස් කබලක් සමු වී ඇති අතර එය ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ යන්න දැන් පැවසෙනවා.

කොලොම්බියා සැන් බර්නන්ඩෝ දී සමු වුන මමිය
1957 වර්ෂයේදී මෙම සොහොන් පිහිටි ස්ථානය ජලයෙන් යට වී තිබේ. එහිදී මිනිසුන්ට එහි පැවති සොහොන් කොත් ඉවත් කිරීමට සිදු වී ඇති අතර ඔවුන් එවිට දැක ඇත්තේ එම මළ මිනී ස්වභාවිකවම මමී බවට පත්ව ඇති අයුරුයි. එම ප්‍රදේශවාසින් පවසා ඇත්තේ ඔවුන් අනුභව කරන විශේෂ කයෝටි පළතුරක් හේතුවෙන් මෙම මළ මිනි මමී බවට පත්ව ඇති බවයි. නමුත් ඔවුනගේ ඇදුම් පවා එලෙස පැවතීම එම තර්කය බිද හෙලීමට සමත් වනවා.

ජෙන්ගිස් කාන්ගේ සොහොන්ගෙය
15 වන සියවසයේ ජෙන්ගිස් කාන් සටන් කර ජයග්‍රහණය කල ස්ථානය සොයා ගෙන තිබේ. පුරාවිද්යාඥමියකු වන ක්‍රවිට්ස් විසින් වසර 40 ක් පුරාවට ජෙන්ගිස් කාන්ගේ සොහොන් කොත සෙවීමට උත්සහ දරා තිබේ. මෙහිදී මොහුගේ සොහොන් කොතට සමාන බොහෝ ස්ථාන සොයා ගැනීමට මොහුට හැකියාව ලැබී ඇති නමුදු ජෙන්ගිස් කාන්ගේ සොහොන් කොත සොයා ගැනීමට සමත් වී නොමැත.

බල්ගේරියාවේ පොමෝරි සොහොන්කොත
මෙම සොහොන් කොත බල්ගේරියාවෙන් සමු වී ඇති අතර මෙහි මෙය ත්‍රශියන් සහ රෝමානු සංස්කෘතියන්ට අනුව සාදා තිබේ. මෙය එකල එහි වාසය කල වීරයකු අරභයා නිපදවා ඇති බවට පැවසෙන අතර නිශ්චිත හේතුවක් පැහැදිලි නොවේ.

රොමේනියාවේ සිබු අත් පිටපත
මෙහි රොකට් විද්‍යාව පිළිබදව ප්‍රථමයෙන්ම සදහන් වන අත්පිටපත වේ. එනම් 1555 වර්ෂයේදීය. මෙකල විසු කොන්රඩ් හාස් නමැති රොකට් විද්යාඥමියා විසින් මෙය රචිත බවට අනුමාන කරනු ලබනවා. මෙම අත්පිටපතේ රොකට් තාක්ෂණය පිළිබදව මෙන්ම රොකට් ඉන්ධන පිළිබදවද සදහන් වනවා. මෙහි ඇතුලත් සමහර තොරතුරු වර්තමානයේ පවා භාවිතයට ගන්නා බව පැවසෙනවා.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *