Breaking News

අකුණුසැර වැදීමට මහත් ඉඩක් පවතින ලොව ඇති අවදානම්ම ස්ථාන 10 ය

ඉන්දුනීසියාව
ඉන්දීය සාගරයෙන් පැමිණෙන දැඩි සුළග සහ ජාවා සහ සුමාත්‍රා කදු වල පිහිටි ගිනිකදු වල පිහිටි වායුන් වල බලපෑම ඉන්දුනීසියාවට ඇති කරයි. මෙම හේතුන් නිසා නිතර දැඩි අකුණුසැර වලින් ඉන්දුනීසියාව බැට කයි. ඔබ මෙම අකුණුසැර ගසන අවස්ථාවන්හිදී වහා ජලය පිහිටි ස්ථාන හා එළියට නිරාවරණය ඇති ස්ථාන වලින් ඈත් වී සිටිය යුතු වේ.

ආර්ජන්ටිනාව
ආර්ජන්ටිනාවේ පිහිටි පැම්පාස් නැමති පෙදෙස දකුණු ඇමරිකාවේ පිහිටි පහත් තැනිතලා බිමකි. මෙය සැතපුම් 300,00 පමණ ඉතාමත් විශාල පෙදෙසක් දක්වා විහිදී පවතී. මෙහි ටන්දිල් සහ වැන්ටනා නමැති කුඩා කදු පන්ති දෙකක් පමණක් පිහිටයි. අත්ලාන්තික් සාගරය ඔස්සේ පැමිණෙන සුළං ධාරා හේතුවෙන් ඉතා භයානක අකුණු හට ගන්නා අතර මෙය තැනිතලා බිමක් නිසා අකුණු වැදීමේ අවදානම ඉතාමත් වැඩිය

ඇමරිකන් එක්සත් ජනපදයේ අර්කන්සස්
මෙය ඇමරිකාවේ පිහිටි දැඩි රස්නෙන් අධික පෙදෙසකි. මෙහි අකුණුසැර හට ගන්නා විට සැතපුම් එකක් ඇතුලත අකුණු සැර 15 කට වඩා පතිත වන බව වාර්තා වේ. වසරේ කාර්තු වලින් බොහෝ අවස්තාවන් වල අකුණුසැර හට ගන්නා අතර මෙය අකුණුසැර වැදීමේ අවදානම් අධික ස්ථානයකි.

හිමාලය දේශතුඩුව
හිමාලය කදු පන්තියට යාබදව පිහිටි ස්ථානයන්හි දැඩි ලෙස විද්‍යුත් ක්‍රියාකාරිත්වයක් පිහිටයි. මෙම පෙදෙසට අයත් වන්නේ ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, භූතානය, සහ බංග්ලාදේශය වේ. ඉන්දියන් සාගරය ඔස්සේ ඇදෙන රත් වූ වාතය හිමාලය කදු පන්තිය ඉහළට පැමිණෙන අතර එය වළල්ලක් මෙන් ඉහළින් පිහිටයි. ඉතා වේගයෙන් සැරි සරන මෙමරත් වූ වළාකුළු හිමාලය කදු පන්තිය හේතුවෙන් ඉක්මනින් සිතල වන අතර එම නිසාවෙන්ම දැඩි අකුණුසැර ඒ අවට ස්ථාන වලට පතිත වේ.

දකුණු ඇමරිකාවේ වයබ පෙදෙස
මෙහිදීද පැසිෆික් සාගරය ඔස්සේ හබගෙන එන රත් වූ සුළං ධාරා ඇන්ඩර්සන් කදු පන්තිය ඉහළින් තැන්පත් වේ. පසුව කදු පන්තිය හේතුවෙන් ඒවා සිතල වන අතර අකුණුසැර බහුල ලෙස හට ගනී.

ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානා
මෙම නගරය ටෙක්සාස් සහ මිසිසිපි යන නගර දෙක මද්‍යයේ පිහිටයි. මෙහි ඉතාමත් අර්ද්‍ර සහ රත් වූ කාලගුණික තත්වයක් පිහිටයි. එම හේතුව නිසාවෙන්ම අකුණුසැර බහුල ලෙස හට ගනී. මෙහි සැතපුමකට අකුණුසැර 20 ක පමණ ප්‍රමාණයක් පතිත වන බව වාර්තා වේ. මෙහි අකුණුසැර හේතුවෙන් ඉතාමත් ස්වල්ප මරණ සංඛ්‍යාවක් වාර්තා වේ. මන්ද කිසයම් කුණාටු තත්වයක් ඇති වීමට මත්තෙන් මෙහි ජනයාට අවවාද කලින්ම ලැබෙන නිසාවෙනි.

ඇමරිකා එක්සත් ජනපදයේ මද්‍යම ෆ්ලොරීඩාව
ටැම්පා සහ ඔර්ලන්ඩා යන නගර දෙක මද්‍යයේ පිහිටි මද්‍යම ෆ්ලොරීඩාව අකුණු පථය නමින්ද හැදින්වේ. බටහිර දෙසින් මෙක්සිකෝවේ ගල්ෆ් පෙදෙස ඔස්සේ හමා ගෙන එන වියළි සුළං ධාරා සහ නැගෙනහිර දෙසින් අත්ලාන්තික් සාගරය ඔස්සේ හමා ගෙන පැමිණෙන කරන්ට් එකක් වැනි වියළි සුළං ධාරා මෙම නගරයේදී එකිනෙක ඝට්ටනය වීම නිසා දැඩි අකුණුසැර මෙම පෙදෙසට පතිත වේ. මෙය ඇමරිකාවේ අකුණුසැර අවදානම් වැඩිම පෙදෙස වේ.

ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර නිම්නය
මෙම පෙදෙස ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට බොහෝ ඈතින් පිහිටා තිබේ. මෙහි අධි සංඛයාතික අකුණුසැර පතිත වන අතර අප්‍රේල් සහ මැයි යන මාසයන්හි පමණක් මෙය සිදු වේ. මෙම පෙදෙස ඉතාමත් සුන්දර සංචාරක ආකර්ෂණය දිනා ඇති පෙදෙසක් වන නමුත් අප්‍රේල් සග මැයි මාසයන්හිදී භයානක වේ.

කොන්ගෝ ජනපදය
කොන්ගෝ ජනපදය මද්‍යම අප්‍රිකානු රටක් වන අතර මෙහි ඉතාමත් අධි සංඛ්‍යාතිත අකුණුසැර පතිත වේ. ඉකුත් වසරේදී මෙම පෙදෙස ලොව විද්‍යුත් ක්‍රියාකාරීත්වයෙන් වැඩිම පෙදෙසර් ලෙසට සටහන් වී තිබේ. අත්ලාන්තික් සාගරය ඔස්සේ ආදී එන වියළි සුළං ධාරා සහ අප්‍රිකානු කදු වල බලපෑම හේතුවෙන් මෙම දැඩි විද්‍යුත් ක්‍රියාකාරිත්වය හට ගනී.

වෙනුසියිලාවේ මරකයිබෝ විල
මෙම ස්ථානය අකුණුසැර වැදීමේ අවදානම වැඩිම ස්ථානය ලෙස සටහන් වේ. ජනවාරි සහ පෙබරවාරි මාසයන්හි වියළි කාලගුණය නිසා තරමක් අඩු අකුණුසැර පතිත වන අතර ඔක්තෝබර් මාසයේ එය ඉතාමත් වැඩි ලෙසට වාර්තා වේ. මෙහි මිනිත්තුවක් ඇතුලත අකුණුසැර 28 ක ප්‍රමාණයක් පතිත වන අතර පැයක් ඇතුලත එය 1000 ඉක්මවන බව සටහන් වේ. එම අවස්ථාවන්හි මෙම ස්ථානයේ සිටියහොත් නියත මරණය උරුම වනු ඇති.

About Psyched

Check Also

සාමාන්‍ය මිනිස්සුන්ට ගන්නතියා හිතන්නවත් බැරි ලෝකේ තියෙන මිල අධිකම දේවල් 9

ලෝකේ ඇතැම් රටවල අතිශය දුර්ලභ, වටින අමුද්‍රව්‍ය යොදාගෙන සුවිශේෂී නිර්මානශීලිත්වයක්ද ඒවාට එකතු කරමින් විවිධ දේවල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *